Hot News

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු මුදා ගැනේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල බලහත්කාරයෙන් රදවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු එයින් මුදා…

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ ශ්‍රී ලංකා

ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔයට කඩා වැටුනා.

අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබුණා.

ගුවන් හමුදාව සඳහන් කළේ, මේ වනවිට ඉන් පුද්ගලයින් 12 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් එරන්ද ගී ගනගේ මහතා සදහන් කළේ, යානයේ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව සිටින බවයි.

සුදු දුමාරයත් සමඟ නව පාප්වහන්සේ නමක්

ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව පාප්වහන්සේ මීට සුළු මොහොතකට පෙර වතිකානයේ සිස්ටීන් දෙව් මැදුරේදී තෝරාපත්කරගෙන තිබේ. එය සංකේවත් කරමින් වතිකානයේ බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී ඇති බවද විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි පාප් වහන්සේ ඉදිරි පැය කිහිපය ඇතුළදී ශාන්ත පීතර දේවස්තානයට ඉහළින්ඇ
ති සඳලු තලයේ පෙනී සිටිනු ඇතැයි වාර්තා සඳහන් කරයි.

දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවීමත් සමග ශාන්ත පීතර දේවස් තානයේ
රැදී සිටි ජනතාව තම සතුට පළකල අයුරු වාර්තාවන්හි වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා

දෙවැනි දිනටත් වතිකානුවෙන් කළු දුමාරයක් පිටවෙයි

දෙවැනි දිනයටත්  සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක්  පිට වූ අතර නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට අද දිනයේත් අපොහොසත් වී තිබෙනවා. 

කතෝලික පල්ලියේ බිලියනයකට වැඩි සාමාජිකයින්ගේ මීලග නායකයා වන නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා පළමු ඡන්දය ඊයේ දින (මැයි 07)  පැවැත්වුණි. පලමු දිනයේදී සිස්ටයින් දේවස්ථානයට රැස්වූ කාදිනල්වරුන්ට නව පාප්වරයෙකු තෝරා පත්කර ගැනීමට නොහැකි වූ අතර අද දිනයේත් උදෑසන නැවත කාදිනල්වරුන් එකසිය තිස්තුන් දෙනෙකු  සිස්ටයින් දේවස්ථානයට රැස්වූයේ නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමටයි. මීට සුළු මොහොතකට පෙර ඡන්ද විමසීම අවසන් වූ අතර කාදිනල්වරුන්ට නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට අද දිනයේදීත් නොහැකි වූ බව දේවස්තානයෙන් පිටවූ කළු දුමාරයෙන් සංඥා කර තිබුණි.

මදුරුවා ඇති කලොත් බලාගෙනයි.

2025 මැයි මස මදුරු මර්දන මාසයක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණය කරයි.

2025 මැයි මස මදුරු මර්දන මාසයක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණය කරයි.

2025 අප්‍රේල් මස අවසන් වන විට ඩෙංගු ආශ්‍රිත මරණ 06 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගීන් ගණන 16, 970 පමණ වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. රෝගීන්ගෙන් 45.8% ක් බස්නාහිර පලාතෙන් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් 6.3%, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 6.0% හා මහනුවර දිස්ත්‍රික්කයෙන් 4.2 % වාර්තා වී ඇත.

රට තුළ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් ඉදිරියේදී ඇතිවන නිරතදිග මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කීට විද්‍යා සමීක්ෂණ අනුව ඩෙංගු රෝග වාහක මදුරුවන්ගේ සහ කීටයන්ගේ වර්ධනය
ඩෙංගු රෝගය පැතිර යෑමට ඉවහල් වී තිබේ.

විශේෂ මදුරු මර්දන මාසය නිමිත්තෙන් මුළු රට ම ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ඉලක්ක කර ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය , ස්වේච්ඡා සංවිධාන සහය ඇතුව එමගින් පාසල්,ඉදිකිරීම් පරිශ්‍ර , වෙනත් අධ්‍යාපන ආයතන, රජය සහ පෞද්ගලික ආයතන,ආගමික ස්ථාන සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් පරිශ්‍රය පිරිසිදු කිරීම, නිවෙස් වල අපද්‍රව්‍ය පළාත් පාලන ආයතන මූලිකත්වයෙන් බැහැර කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම,

දුමායන කටයුතු සිදු කිරීම, මදුරුවන් බෝවන පරිදි පිරිසිදු නොකළ නිවාස හෝ තමා භාරයේ ඇති ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයන්ට නීතීමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කාර්යයන් ඩෙංගු රෝගය බෝවීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ රටේ විවිධ ස්ථානවලින් විකුන්ගුන්‍යා රෝගීන්ගේ වාර්තාවීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇතැයි අමාත්‍යාංශය පවසයි. ඩෙංගු රෝග වාහකයා වන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇලබොපික්ටස් මදුරු විශේෂ මගින් තව දුරටත් වර්ධනය වීමේ අවදානම් තත්ත්වයක් ඇත

ඉන්දියා පකිස්තාන් ගටුම් තවදුරටත්

ඉන්දියා පකිස්තාන් දේශසීමා හරහා ෂෙල් වෙඩි ප්‍රහාර සහ ඩ්‍රෝන යානා ආක්‍රමණ අඛණ්ඩව සිදුවන බව වාර්තා වේ. ඉන්දියාව ගොඩබිම, ගුවන සහ මුහුද හරහා පූර්ණ හමුදා සූදානම සක්‍රීය කර ඇති අතර, පාකිස්තානය ඉන්දීය ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය වසා දමා වාණිජ ගුවන් ගමන් අත්හිටුවා ඇත. මෙම ගටුම්කාරි තත්වය නිසා දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ට හානි සිදු කර ඇති අතර විසාල ගැටුමක් පිළිබඳ බියක් ඇති කර තිබ්බෙන බව අන්තර්ජාතික පුවත් සේවා වර්තාකරයි. ඉන්දියාව තම මෙහෙයුම් ත්‍රස්තවාදී න් ඉලක්ක කරගත් බව දිගටම ප්‍රකාශ කරන අතර, පාකිස්තානය ප්‍රකාශ කරන්නෙ සිවිල් වැසියන්ට එරෙහිව ඉන්දියාව ආක්‍රමණශීලීව කටයුතු කරන බවයි. තවදුරටත් උත්සන්න වීමේ අවදානම දිගටම පවතින අතර, ගෝලීය බලවතුන් විසින් තත්වය සමනය කිරිමට ඉවසිමෙන් කටයුතු කරන ඉල්ලාසිටියි .

අධිකරණයේ ප්‍රමාදය වලක්වන්න අභිචෝදක කාර්යාලයක්

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා රජයේ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
එවැනි කාර්යාලයක් පිහිටුවීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්නා නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකිවන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම එමඟින් අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීම යෝජනා කර තිබේ.

කෘෂි ව්‍යාපෘති දාහයි මිලියන දාහයි.

ගොවි බිමට පුනරුදය නමින් 29/4/2025 දින ආරම්භ කළ වැඩසටහන මගින් ගොවි ව්‍යාපෘති දාහක් සඳහා රුපියල් මිලියන 1000 ක් ප්‍රධානය කිරීමේ වැඩ පිළිවෙලක්
රජය විසින් ආරම්භ කර ඇත.

රුපියල් මිලියනයකට යටත්ව ප්‍රතිපාදන ලංකාව පුරා පිහිටි ගොවි සංවිධාන හරහා කෘෂි ව්‍යාපෘති වලට ලබාදෙයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් පසුගියදා ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

පුද්ගලික අංශයේ සේවක වැටුප් ඉහල නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

පුද්ගලික අංශයේ සේවක වැටුප් ඉහල නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාළව 2005 අංක 36 දරන සේවකයින්ගේ අයවැය සහන දීමනාව පනත, 2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සහ 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 07 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනයන් ලැබී තිබේ.
එම සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු මුදා ගැනේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල බලහත්කාරයෙන් රදවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු එයින් මුදා ගැනේ.

මුදා ගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා පසුගිය අගහරුවදා (13)මියන්මාර – තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී
තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවා.
ඔවුන් ඊයේ (7) උදැසන කටුනායක ගුවන් තොටුපොල වෙත ඔවුන් රැගෙන විත් තිබුණා.

මෙම පිරිස මුදාගනු ලැබූවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය
මරිස් සන්ගම්පොන්ස්ගා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ
අවස්ථා කිහිපයක කල දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුවයි.

මීට පෙර ඉකුත් මාරතු මස 18 වන දින මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින
ශ්‍රී ලාංකිකයන් 27ක් මෙරටට ගෙන්වා ගනු ලැබුවා.

පළමුදින ඡන්ද විමසීම අවසන් – කළු දුමාරයක් පිටවෙයි

267 වන පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා සිස්ටයින් දේවස්ථානයේ දී ඊයේ (මැයි 07) දින පැවති පළමු වටයේ ඡන්ද විමසීම අවසන් වුනා. ඊයේ සිස්ටයින් දේවස්ථාන චිමිනියෙන් කළු දුමාරය නැගී ගිය අතර එයින් පෙන්නුම් කලේ නව පාප්වරයෙකු තේරී පත්වී නොමැති බවයි. කළු දුමාරය දිස්වන විට ශාන්ත පීතර චතුරස්‍රයේ 30,000 කට අධික පිරිසක් රැස්ව සිටියා. ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අද (බ්‍රහස්පතින්දා) උදෑසන නැවත ආරම්භ වීමට නියමිතයි.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ද කතෝලික පල්ලියේ 267 වන පාප් වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ දින එක් වුනා. කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්නා තෙක් ඡන්දය ප්‍රකාශ කිරීම දිගටම පවතිනු ඇත. දිනය අවසන් වන විට නව පාප් වහන්සේ තෝරා නොගතහොත් ක්‍රියාවලිය ඉදිරිදෙන දක්වා ක්‍රියාත්මක වෙයි. නව පාප් වහන්සේ තේරී පත්වීම ප්‍රකාශ වන්නේ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරයක් පිටවීමෙන්. ඒත් සමගම ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කරන අතර එය නව නායකයා තෝරා පත් කර ගත් බව සංඥා කරයි.

නව පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු මෙවර සුදුසුකම් ලබා තිබේ. පළමු ඡන්ද දිනය අවසන් වීමෙන් පසුව දිනකට හතර වතාවක් උදෑසන දෙවරක් සහ දහවල් දෙවරක් ඡන්දය ප්‍රකාශ කිරීමට කාදිනල්වරුන් එක්වෙයි. 

1981 සිට මෙවැනි ඡන්ද විමසීමක් දින හතරකට වඩා නොපැවතුනු අතර ඊයේ ආරම්භ වුණු නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම දිගු හා ඓතිහාසික ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරයි.