Hot News

කළුතර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම…

Hot News

තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින්නව සමාලෝචන රැසක්.- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය –

026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමට…

Hot News

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමක් චීනයේ අධ්‍යාපන චාරිකාවක

චීනයේ පැවති අධ්‍යාපන චාරිකාවක් සඳහා, චීන ජනරජයේ අනුග්‍රහයෙන් සති දෙකක කාලයක් සඳහා තරුණ කටයුතු සහ…

Hot News

යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යනාංශයට වසර 20ක් සැපිරේ

යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යනාංශයට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සවයක් පසුගියදා පැවැත්වුණා.ඒ යාපනය…

විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13392ක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.

සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය.

මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.44%  

මේ අතර ගණිතය විෂය 69.07%ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06%ක ප්‍රතිශතයක් සමත් වී තිබේ.

එමෙන්ම ඉංග්‍රීසි විෂයද 73.82%ක පිරිසක් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය. 
   
විෂයන් අනුව සමත් ප්‍රතිශතය

බුද්ධර්මය 83.21%  
ශෛවනෙරි 82.96%  
කතෝලික 90.22%  
ක්‍රිස්තියානි 91.49%  
ඉස්ලාම් 85.45%  

ඉංග්‍රීසි 73.82%  
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%  
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%  

ඉතිහාසය 82.17%  
විද්‍යාව 71.06%  
ගණිතය 69.07% 

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.

සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය.

මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.44%  

   
විෂයන් අනුව සමත් ප්‍රතිශතය

බුද්ධර්මය 83.21%  
ශෛවනෙරි 82.96%  
කතෝලික 90.22%  
ක්‍රිස්තියානි 91.49%  
ඉස්ලාම් 85.45%  

ඉංග්‍රීසි 73.82%  
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%  
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%  

ඉතිහාසය 82.17%  
විද්‍යාව 71.06%  
ගණිතය 69.07% 

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ ජනපති සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයන් හි පරිණාමය පිළිබඳ මුල්ම අනාවරණය චීනයෙන්

චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය විසින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයන් හි පාංශු සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය හෙළිදරව් කෙරේ. එමගින් චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල පරිණාමය පිළිබඳ තොරතුරු ඉතිහාසයේ ප්‍රථම වරට අනාවරණය කිරීමට චීනය සමත් වීම විශේෂත්වයකි.

චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේය.‍ඒ අනුව, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳු ක්‍රියාකාරකම් ඉපැරණි චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ විදහා දැක්වෙයි. මෙම අනාවරණයන් සියල්ල 4 ඊයේ (09) රාත්‍රියේ ජාත්‍යන්තර විද්‍යා සඟරාවක් වන Nature හි එළි දක්වා ඇත.

කළුතර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට කාර්මික සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉහළ විභවතාවක් සහිත කළුතර නගරය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කළුතර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ අවධානයට ලක් විය.

ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව, ප්‍රධාන නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම කාර්යක්ෂම කර ගැනීමත්, එයින් වර්තමානයේ කළුතර නගරය ආශ්‍රිතව හඳුනා ගන්නා ගැටලු සඳහා විසඳුම් ලබා දීමත් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, එහිදී සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි වඩා ආසන්න ස්ථානයකින් කළුතර නගර පිවිසුමක් ඇති කිරීම සහ කළුතර නගරයට වන පිවිසුම් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, කළුතර නගරය කලාප ලෙස වෙන් කර සංවර්ධනය කිරීම යන කරුණු පිළිබඳ මෙම නගර සංවර්ධන සැලැස්ම යටතේ විශේෂ අවධානයක් යොමු කෙරේ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර, කළුතර මහ නගර සභාවේ නගරාධිපති ධනුජ් සෝමරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් ජී. එම්. ජනක කේ. ගුණවර්ධන, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ඒ.පී.පී.චන්ද්‍රසේකර, කළුතර නාගරික කොමසාරිස් පියුමාලි කුලරත්න යන මහත්ම මහත්මීහුද, නාගරික සංවර්ධන අධිකාරියේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා අතර  පැවති විශේෂ සාකච්ඡාවදි   ශ්‍රී    ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමට අවධානය  යොමුවිතිබෙ .කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී  මෙම සාකච්චාව පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ හා නේපාලයේ පවතින වත්මන් දේශපාලන, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා හා තානාපතිවරයා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා නේපාලය අතර පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරට අතර ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල් සමඟ මෙන්ම චීනය වැනි කලාපයෙන් බැහැර රටවල් සමඟද පවත්වාගෙන යන වෙළෙඳ සම්බන්ධතා පිළිබඳව නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා දැනුවත් කළේය.

මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ වැලි, පොස්පේට්, සහල්, සීනි, ඇඟලුම් වැනි භාණ්ඩ ඇතුළත් කරගනිමින් ශ්‍රී ලංකාව හා නේපාලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා සහ නේපාල තානාපති Bahadur මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එළඹෙන අගෝස්තු මාසයේදී රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම්කර ඇති “රත්නපුර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය” සඳහා පැමිණෙන ලෙස නේපාල ගැනුම්කරුවන්ට ආරාධනා කළේය.

තාක්ෂණික හා වෘත්තීය විෂය ධාරාවේ විෂය මාලා සංශෝධනය කරමින්නව සමාලෝචන රැසක්.- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය –

026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමට විෂය මාලා සංශෝධනය කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කොට ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජුලි 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී පවසන ලදී.

මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය විෂය ධාරාවන් 10 සහ 11 ශ්‍රේණි සඳහා හඳුන්වාදීමට නියමිත අතර එහිදී සෑම පාසලකම 10 සහ 11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයක් ලෙස මෙම වෘත්තීය විෂයන් හඳුන්වා දෙනු ඇති බවත්, ඒ අනුව 10 ශ්‍රේණියේ සිට වසර හතරක පාසල් කාලයක් වෘත්තීය විෂයක් හදා‍රා NVQ 4 සහතිකය ලබා ගැනීමේ හැකියාව සිසුන්ට හිමි වේ.

ඒ සඳහා විෂය මාලාව සහ මොඩියුල සංවර්ධනය කිරීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ වන විට සිදුකරමින් සිටින බවත් මේ හරහා උසස්පෙළ වෘත්තීය විෂයන් ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව පවතින පාසල් 609ක ප්‍රමාණයේ සිට පාසල් 1,000ක් දක්වා වර්ධනය කිරිමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යතුමිය පැවසී ය.

පාසල් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා එම අංශයට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ ද සහය ඇතිව උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා එම ක්ෂේයට අදාළ සියලු පාර්ශවකරුවන් සමඟ රැස්වීම් පවත්වමින් මූලික කෙටුම්පතක් සකස් කෙරෙමින් පවතින බවත් එළඹෙන සැප්තැම්බර් වන විට සම්පූර්ණ කෙටුම්පත සකස් කොට ඉදිරිපත් කෙරෙන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

එම සැලසුම් යටතේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් 10, 11 ශ්‍රේණිවල වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරු විද්‍යාල හරහා ගුරුවරුන් බඳවාගෙන පුහුණු කිරීමට කටයුතු කරනු ඇත.

දැනට වෘත්තීය විෂය ධාරාවන් සඳහා පත් කර ඇති ගුරුවරුන් වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ද සහය ඇතිව විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රවණතා සහ අත්දැකීම් ලබා දෙමින් ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් ඉදිරි අවුරුදු පහක කාලයක් දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වෘත්තීය විෂය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා අනුව වෘත්තීය විෂය ධාරාව නැවත සමාලෝචනය කර විෂය මොඩියුල සඳහා අවශ්‍ය වෙනස්කම් ඇතුලත් කිරීම 2026 සහ 2027 වසරවල් තුළ අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමක් චීනයේ අධ්‍යාපන චාරිකාවක

චීනයේ පැවති අධ්‍යාපන චාරිකාවක් සඳහා, චීන ජනරජයේ අනුග්‍රහයෙන් සති දෙකක කාලයක් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමක් සහභාගී විය.

මෙම සංචාරයේ දී ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති ගරු වැන්ග් කේ මහතා (Wang Ke), ලියොනින් පළාතේ චෙන් යන්ග් හි උප නගරාධිපති ලියු කෙබින් (Liu Kebin ), ජියෝන්සු පළාතේ උප ආණ්ඩුකාර ෂෙන් සොන්ග්වෙයි (Shen Songwei ) යන මහත්වරුන් හමුවී සාකච්ඡා සිදු කළ අතර මෙහිදී දෙරට අතර ඇතිකර ගතහැකි ආර්ථික කටයුතු , ආයෝජන අවස්ථාවන් සහ දැනුම හුවමාරු කරගැනීමේ වැඩ සටහන් ගැන සාකච්ඡා කරන ලදී.

එමෙන්ම චීනයේ නැන්ජින්, චෙන් යැන්ග් සහ බීජිං යන නගර තුනක පිහිටා ඇති කෘතිම බුද්ධි තාක්ෂණය, රොබෝ තාක්ෂණය , කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය , ඩිජිටල් තාක්ෂණය, රාජ්‍ය තොරතුරු හුවමාරුව ආදී ක්ෂේත්‍රවල ව්‍යාපාර කටයුතුවල යෙදෙන, නවීන තාක්ෂණයේ දියුණුම ආයතන ගණනාවක ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම ද මෙම අධ්‍යාපන චාරිකාවේ දී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට, චීන මහජන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩමුළුව පැවති අතර, ඒ සඳහා ආණ්ඩු පක්ෂය ,විපක්ෂය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, දිනිඳු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබුබකර් අත්තම්බාවා, අශෝක ගුණසේන, තනුර දිසානායක යන මන්ත්‍රීවරුන් ද, සමන්මලී ගුණසිංහ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මන්ත්‍රීවරියන් ද, විපක්ෂය නියෝජනය කරමින් කින්ස් නෙල්සන්, බී. ආරියවංශ , අනුරාධ ජයරත්න යන මන්ත්‍රීවරු ද මේ සඳහා සහභාගී වූහ.

Channel7 සජීව විකාශය නැරඹීමට පිවිසෙන්න

යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යනාංශයට වසර 20ක් සැපිරේ

යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යනාංශයට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සවයක් පසුගියදා පැවැත්වුණා.
ඒ යාපනය විශ්වවිද්‍යාලයීය කෛලාසපති ශ්‍රවණාගාරයේදී.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු A.H.M.D. නවාස් මහතා සහභාගි විය.
යාපනය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා , කලාපීඨයේ පීඨාධිපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රගුරාම්, යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යානාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කෝසලෛ මදන් ඇතුළු විශ්වවිද්‍යාලය ප්‍රජාවක් මෙම උත්සවයට සම්බන්ධ වී තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති අධිනීතිඥ රංජීව් අමරසූරිය මහතා සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති අධිනීතිඥ ප්‍රශාන්ත ද අල්විස් ඇතුළු නීතිඥවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය

120ක් අත්අඩංගුවට – සබරගමුවේ විශේෂපොලිස් මෙහෙයුමක්

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.