Hot News

ට්‍රම්ප්ගේ තීරුබදු ක්‍රියාත්මක කිරිමට එරෙහිව එක්සත් ජනපද අධිකරණයෙන් වාරනයක්

කොංග්‍රස් අනුමැතියකින් තොරව ගෝලීය ආනයන සඳහා පුළුල් තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලයක් නොමැති බව…

Hot News

නුසුදුසු ආහාර රටාව නිසා ජනතාව බරපතල අවධානමක – සෞඛ්‍ය අමාත්‍යංශය –

නුසුදුසු ආහාර රටාවන් නිසා ශ්‍රී ලංකාවේ සියලුම වයස් ඛාන්ඩයන්හි පුද්ගලයන්ගේ ජීවිත බරපතල අවධානමකට මුහුනදී ඇතැයි…

Hot News

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන

2026 අයවැය සදහා අදහස් හා යෝජන ලබාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරන…

නව COVID ආසාදිතයින් සොයන්න PCR පරීක්ශණ වැඩි කරයි

නව කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා රෝහල්වල සිදුකරන PCR පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඇතිවිය හැකි ගෝලීය තර්ජනයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබාගන්නා වූ රෝගීන් ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස අමාත්‍යංශය විසින් රෝහල්වලට උපදෙස් දී ඇත.

කෙහෙලියගෙ දුවත් අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කල කැදවිමක්ට අනුව අද කොමිසම හමුවේ පෙනීසිටියාය

ට්‍රම්ප්ගේ තීරුබදු ක්‍රියාත්මක කිරිමට එරෙහිව එක්සත් ජනපද අධිකරණයෙන් වාරනයක්

කොංග්‍රස් අනුමැතියකින් තොරව ගෝලීය ආනයන සඳහා පුළුල් තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලයක් නොමැති බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණයක් තීන්දු කර තිබේ. නිව්යෝර්ක් හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මෙම තීන්දුව ලබාදි තිබෙ . ට්‍රම්ප් ඔහුගේ බලය ඉක්මවා ගොස් ඇති බවට මෙමගින් චොදනා එල්ලකර තිබුනි. එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ අභිමතයන් මත රඳා පවතින අතර ඔහුගෙ තිරනය ලොව පුරා ආර්ථික අවුල් සහගත තත්ත්වයකට ඇද දමනු ලැබින .

තීරුබදු තිරන සාමාන්‍යයෙන් කොංග්‍රසය විසින් අනුමත කළ යුතු නමුත් ට්‍රම්ප් මේ දක්වා එම අවශ්‍යතාවය මඟ හැර ඇත්තේ රටේ වෙළඳ හිඟය ජාතික හදිසි තත්වයකට සමාන බව පවසමිනි. එමගින් පසුගිය මාසයේ ලෝකයේ බොහෝ රටවලට පුළුල් තීරුබදු යෙදීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට හැකි වූ අතර එය වෙළඳපල කම්පනයට පත් කළේය.

මෙ අතර ට්‍රම්ප් සමිපතමයකු වු එලොන් මස්ක් බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අතිකරගත් ගටුම සමඟ ට්‍රම්ප් පරිපාලනයේ තම භූමිකාවෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.

බි

රේල්වේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ස්ථාපනය කෙරේ.

නවීන පහසුකම් වලින් සමන්විත නිවාස 120කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය කොට්ටාව මාලපල්ල ඉදි කර තිබෙනවා.

මෙය මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වනව.

දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම් වල පදිංචිකරුවන්ට මීට පෙර ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කර ඇති අතර කොට්ටාව මාලපල්ල නිවාස ව්‍යාපෘතිය හතරවන ව්‍යාපෘතිය වේ.

නාවින්න සිට පාදුක්ක දක්වා දුම්රිය ඉඩම් වල රැදී සිටි පදිංචිකරුවන්ට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිවන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඊයේ නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ලක් කෙරිණි.

කඩිනමින් නිවාස ව්‍යාපෘතියේ නිවාස ජනතාවට ලබා දෙන ලෙස නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.

දැනට බොහෝ වැඩ අවසන් වී ඇති මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන මෙන් අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

නුසුදුසු ආහාර රටාව නිසා ජනතාව බරපතල අවධානමක – සෞඛ්‍ය අමාත්‍යංශය –

නුසුදුසු ආහාර රටාවන් නිසා ශ්‍රී ලංකාවේ සියලුම වයස් ඛාන්ඩයන්හි පුද්ගලයන්ගේ ජීවිත බරපතල අවධානමකට මුහුනදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දීපව්‍යප්තව ක්‍රියාත්මක කෙරේ. පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ කරුනු අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය 2025 ජූනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස නම්කර ඇත. “එළවලු පළතුරු  සුවදෙයි නිරතුරු”  පෝෂණ මාසයේ තේමාවයි.  කෙටි ආහාර සහ ක්ෂණික ආහාර වලින් බාල පරපුර බේරාගැනීම එහි අරමුණයි.  සමස්ථ ජනතාවම එළවලු පළතුරු සහ පෝෂ්‍යදායී ආහාර වෙත යොමුකිරීම කෙරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මහිදානන්දට 20යි.නලින්ට 25යි .බරපතල වැඩ සහිත සිර දඩුවමක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතල වැඩසහිත සිරදඩුවමක් සහ හිටපු වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කෙරුණි.ඒ , කැරම් බෝඩ් ගණුදෙණුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදියි.නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ,ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල විසිනි. .

2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ කෙටුම්පත් පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට, අධි චෝදනා 6ක් යටතේ මහින්දානන්ද අලුත්ගමගේට සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව නඩුව ගොනු කර තිබුණි.විනිසුරු මඩුල්ල කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්වතිබු පැමිණිලෙ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවයි.

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන

2026 අයවැය සදහා අදහස් හා යෝජන ලබාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරුන් සමග සාකකච්චාක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විනි. මේ සදහා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ද එක්වුනා.

ඉදිරි අයවැයේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට ප්‍රමුඛස්තානය ලබාදීමේ අරමුණ ජනාධිපතිවරයා මෙහිදී අවදාරනය කලා.

දිස්ත්‍රික් මටටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා අවදානය යොමු කල අතර යටිතල පහසුකම් සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හදුනාගැනීම හා එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම කෙරේද ජනාධිපතිතුමා අවදානය යොමු කලා.

මෙම සාකච්චාවට දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරු ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික කුමා නායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුලු නිලධාරීන් එක්ව සිටියා.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිලධාරී මණ්ඩලයක්

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධානයක් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය   (FMM) 2025 සදහා නව නිලධාරි මණ්ඩලයක්පත්කරගනිම පසුගිය දා සිදුකෙරින . කොළඹ පහ බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) පවති එහි වාර්ශික මහා සභාවේදි (27)මෙම පතිවිම් එකමතිකව සිදුවිය .

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කැඳවුම්කරු ලෙසත් ,මාධ්‍යවේදී දිලීෂා අබේසුන්දර ලේකම් ලෙසත් , භාණ්ඩාගාරික ලෙස මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර මහතාටත්   මාධ්‍යවේදී  ආර්.රාම්කුමාර් මහතා උපලේකම්  එකමතිකව පත් කර ගන්නා ලදී.ඉදිරි වර්ෂයේ සඳහා තෝරා පත් කරගන්නා ලද විධායක කමිටු සාමාජිකයන් වන්නේ, හනා ඊබ්‍රාහීම්, සී දොඩාවත්ත, ටී.එම්ජී චන්ද්‍රසේකර ශාන් විජේතුංග සුජීව සෙනරත් ,සුනිල් ජයසේකර  , උදය කළුපතිරණ, ජාවිඩ් මුනවර්, නිරංජනී  රෝලන්ඩ් යන මහත්ම මහත්මීන්ය.සිවිල් ක්‍රියාකාරිනී ශාර්මිනී බොයිල් සහ මාධ්‍යවේදී සරෝජ් පතිරණ යන මහත්ම මහත්මීහු භාරකරුවන් ලෙස තේරී පත්වූහ.

යුක්රේන ඩ්‍රෝන යානා සිය ගණනකින් මොස්කව් නුවරට ප්‍රහාර

A view shows a damaged multi-storey residential building following an alleged Ukrainian drone attack in the course of Russia-Ukraine conflict, in Ramenskoye in the Moscow region, Russia September 10, 2024. REUTERS/Maxim Shemetov

බදාදා උදෑසන වන විට යුක්රේන ඩ්‍රෝන යානා සිය රුසියාවට ඇතුළු වූ අතර, ඉන් දුසිම් ගණනක් මොස්කව් ඉලක්ක කරගත් අතර ඉන් අගනුවරට සහ පිටතට ගුවන් ගමන් වලට නැවත බාධා ඇති කළ බව එහි නිලධාරීන් පවසයි.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෑත කාලීන දිගු දුර ප්‍රහාර වටයේදී මොස්කව් අගනුවර ඇතුළුව කලාප 12 ක් පුරා යුක්රේන ඩ්‍රෝන යානා 296 ක් තම හමුදා විසින් වෙඩි තබා බිම හෙළූ බවයි.

මොස්කව් ආණ්ඩුකාර ඇන්ඩ්‍රි වොරොබියොව් පැවසුවේ කලාපය පුරා අවම වශයෙන් ඩ්‍රෝන යානා 42 ක් බිම හෙළූ බවයි. අගනුවරට සැතපුම් 40 ක් දකුණින් පිහිටි චෙකොව් නගරයේ නිවාස තුනකට හානි සිදුවී ඇති බව වොරොබියොව් වාර්තා කළේය.

අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ හතරෙන් එකක් වන මොස්කව්හි ෂෙරෙමෙටෙවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද නවතම ඩ්‍රෝන ප්‍රහාරය අතරතුර පනවා ඇති ගුවන් ගමන් සීමා කිරීම් හේතුවෙන් සංචාරකයින්ට ප්‍රමාදයන් පිළිබඳව අනතුරු ඇඟවීය. මෑත සතිවල එවැනි ප්‍රහාර අතරතුර මොස්කව්හි ගුවන් තොටුපළවලට නිතිපතා බාධා ඇති වී තිබේ.

චීනයට සම්බන්ධ නව COVID-19 ප්‍රභේදයක් එක්සත් ජනපදය විසින් අනාවරණය කර ගනී

චීනයෙන් වේගයෙන් පැතිරෙන COVID-19 ප්‍රභේදයක් වන NB.1.8.1, එක්සත් ජනපදයෙන් ද හඩුනාගෙන ඇත. මාරාන්තික බව අඩු වුවද, විශේෂඥයින් අනතුරු අඟවන්නේ එය වඩාත් බෝවන බවත් රෝගීන් වැඩි වීමට හේතු විය හැකි බවත්ය.