Hot News

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ට 15 හැවිරිදි කුලී ඝාතකයකුගෙන් වෙඩි ප්‍රහාරයක්.

කොලොම්බියානු සෙනෙට් සභික සහ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ටර්බේ (39) මැතිවරණ ප්‍රචාරක උත්සවයකට සහබාගිවී සිටියදී…

ලොස් ඇන්ජලිස් රත්වෙයි , උද්ගෝෂකයන්ට රබර් උණ්ඩ් ප්‍රහාර

YouTube player

ලොස් ඇන්ජලීස්වි රෝධතාකරුවන්‍ට එරෙහිව හමුදා බලය දැඩිකරයි

ලොස් ඇන්ජලීස් නුවර උද්ඝෝෂණයන්ට ප්‍රතිචාර දැක්වීමට ඇමරිකානු විශේෂ හමුදා සාමාජිකයන් 2000ක් පමණ සූදානමින් සිටින බව

එරට උතුරු විධානය සනාථ කරයි. එම සෙබළු එරට ජාතිකාරක්ෂක බලකාය සමග එක්වීමට නියමිතව තිබේ. එම විශේෂ හමුදා සාමාජිකයන් සති අන්තයේදී සූදානම් කළ බවද උතුරු විධානය කියා සිටී.

CNN වාර්තාවකට අනුව මෙම තීරණය විරෝධතාකරුවන්‍ට එරෙහිව හමුදා බලය ඉහළ නැංවීමේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පියවරක් බව පැවසේ. ජාතික ආරක්ෂක බලකාය මෙන් නොව මෙම විශේෂ හමුදා කණ්ඩායමට පුද්ගලයන් අත් අඩංගුවට‍ ගැනීම‍ වැනි නීතිය බලාත්මක කිරීමේ හිමිකමක් නොමැත.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් කැරළි කෝළාහල පනත සක්‍රිය කිරීමකින් තොරව ඔවුන්ට එවැනි ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ විය නොහැකිය.

ඉදිරි පැය කිහිපය ඇතුළත මෙම වි‍ශේෂ හමුදා භටයන් ලොස් ඇන්ජලීස් නුවරට ළඟාවනු ඇතැයි ද තවත් මාධ්‍ය වාර්තාවක දැක්වේ.

මේ අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිවුසොම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ ඇමරිකානු විශේෂ හමුදා භටයන් තම රටේ වැසියන්‍ට එරෙහිව සිය භූමිය තුළම යෙදවීම සිදු නොකළ යුතු බවය. එවැන්නක් අඥාදායක ජනාධිපතිවරයෙකුගේ ‍මනෝ චිත්‍රය සම්පූර්ණ කිරීමක් වන අතර එය ඇමරිකාවක් නොවන තත්ත්වයක් බවද හෙතෙම කියා සිටී.

-CGTN Sinhala

ජනාධිපති ජර්මනියේ නිල සංචාරයක

ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ජුනි 11 සිට 13 දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක මහතා ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග සාකච්ඡා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළඳ සබඳතා ගොඩනඟා ගැනීමේ අවස්ථා ඉස්මතු කිරීම සඳහා ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (DIHK) විසින් ජර්මනියේ ප්‍රධාන කර්මාන්ත සමඟ සංවිධානය කරන ව්‍යාපාරික සංසදයක සභාපතිත්වය දරනු ඇත.තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක සහ සංචාරක කර්මාන්ත සංගම් හමුවනු ඇත.

ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මැයි මාසය තුළ, චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 3.8

මෙම වසරේ මුල් මාස 5 තුළ චීනයේ විදේශ වෙළඳාම සවිමත් අයුරින් වර්ධනය වී ඇතැයි චීන රේගු මහා පරිපාලනය පවසයි.

එම පරිපාලනය (09) නිකුත් කළ දත්තවලට අනුව, එම කාලය තුළ, භාණ්ඩ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 18ක් පමණ වී ඇත. වසරින් වසරට එහි 2.5%ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.

මැයි මාසය තුළ, චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 3.8 ඉක්මවා, පසුගිය වසරේ එම කාලයට වඩා 2.7%කින් වර්ධනය වී ඇත. ඒ අතරින්, අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 2.3කි. එහි වාර්ෂික වර්ධනය 6.3%ක් වේ. ඊට දායක වූ ආසියාන් සංගමය, යුරෝපා සංගමය, අප්‍රිකාව, මධ්‍යම ආසියානු රටවල් පහ කෙරෙහි සිදු කර ඇති අපනයන වටිනාකම් කැපී පෙනෙන ලෙස වර්ධනයන් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා චීන ආර්ථිකය අඛණ්ඩ ව යහපැවැත්මක් පෙන්නුම් කර ඇත. බාහිර පීඩා හමු වුවද භාණ්ඩ වෙළඳාම ඉහළ නම්‍යශීලිත්වයක් පවත්වාගෙන යාම කැපී පෙනේ.
-CGTN Sinhala

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ට 15 හැවිරිදි කුලී ඝාතකයකුගෙන් වෙඩි ප්‍රහාරයක්.

කොලොම්බියානු සෙනෙට් සභික සහ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ටර්බේ (39) මැතිවරණ ප්‍රචාරක උත්සවයකට සහබාගිවී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වතිබේ . හිසට වෙඩි වැදී ඇති අතර බරපතල තත්වයේ පසුවෙන බව විදේශ මාධ්‍ය වාර්තාකොට තිබුණි.

අගනුවර බටහිරින් පිහිටි උද්‍යානයක ආධාරකරුවන් කුඩා පිරිසකට අමතමින් සිටයදී 15 හැවිරිදි සිකාරියෝ නොහොත් කුළු ඝාතකයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇත.
ඔහුගේ තත්ත්වය තවමත් බරපතල ය. බොගෝටා නගරාධිපති කාලෝස් ප්‍රනාන්දු ගැලන් ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේ උරිබේ සැත්කමකට භාජනය වී ඇති බවත් තත්වය බරපතල බවත්ය.

මෙම සිදුවීම දශක ගණනාවකට පසු දේශපාලනඥයෙකුට එල්ල වූ පළමු ඉහළ පෙළේ ඝාතන උත්සාහය වන අතර, 2026 මැයි 31 වන දින පැවැත්වීමට නියමිත මතභේදාත්මක මැතිවරණයට පෙර කොලොම්බියාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ලේ වැකි යුගයකට නැවත පැමිණීමේ බිය මතු කරයි.

හෙට දින සිට කාළගුණ වෙනසක්

හෙට දින සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් දැක ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති වේ.
හලාවත සිට පුත්තලම , මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා , ගාල්ල සිට හම්බන්තොට , පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ , ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් , ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ රළු වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ගිරා සොරකම ඇතුලෙම වැඩක්ද ?

ජාතික සත්වෝද්‍යානයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පවසයි. දැනට දොළොස් දෙනෙක් පමණ වූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

දෙහිවල සත්ව උද්‍යානයේ මැකෝ ගිරවකු සොරකම් කර ඇත්තේ පසුගිය හතරවෙනිදා රාත්‍රියේයි.ඒ වගකීම පරිපාලන අංශය භාරගත යුතු බව ඔහු පවසයි. ඒ පිළිබඳව මේ වන විට විමර්ශන දෙකක් ක්‍රියාත්මක වේ. පොලිස් විමර්ශනයක් හා සත්ව උද්‍යාන අභ්‍යන්තර පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

ගිරවා සොරකම් කළ පුද්ගලයා සත්ව උද්‍යානයට ඇතුළු වූයේ කොතනින්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර කූඩුවේ ඉබ්බා කඩා සොරකම සිදු කර ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.

සති දෙකක් තුළ සාකච්ඡාවක් දෙන බව රජය කිව්වත් ඊට පෙර වර්ජනයේ.

අද (09 ) දිවයින පුරා පශු වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රංජිත් මහතා පවසා සිටියි.

සති දෙකක් ඇතුළත සංගමයට සාකච්ඡාවක් ලබා දෙන බව දැන්වුවද එය නොසලකා හැර ඇතැයි කෘෂි කර්මාන්ත පශු සම්පත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් channel 7 වෙත පවසා සිටියේ.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ලිපිය දින කිහිපයකට පෙර පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමයට යොමු කර ඇත.නව සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කර දෙන ලෙසයි වෘත්තීය සමිති සංගමයේ මූලික ඉල්ලීම බවට පත්වී ඇත්තේ.

අදාළ නිලධාරී සමග කලින් සාකච්ඡා පවත්වා ඇතත් ගැටළු වලට විසඳුම් නොලැබුණු බවයි සංගමයේ සභාපති උපුල් රංජිත් කියා සිටියේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මාසයේ 17 සිට ජූලි 16 දක්වා ශ්‍රී ලංකාවේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මාසයේ 17 සිට ජූලි 16 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර, එහිදී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි .මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස සිදුකෙරේ.

මස්ක් සහ ට්‍රම්ප් අතර ගැටුම අවසන් වෙයිද ?

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ලොව ධනවත්ම මිනිසා වන එලෝන් මස්ක් අතර ඇති වූ ප්‍රසිද්ධ ගැටුම සමතයකට පත්වීමේ සලකුණු පෙන්නුම් කරමින් , සිකුරාදා සවස් භාගයේදී X හි පළ කළ සටහනකින් එලොන් මස්ක් ජනාධිපති ට්‍රම්ප්ට සුභ පතා තිබේ .

සිකුරාදා පෙරවරුවේ මස්ක් ගැන විමසූ විට, ට්‍රම්ප් , ප්‍රකෝටිපතියාට පහර දීමෙන් වැළකී, “මම ඔහුට සුභ පතනවා” යැයි වාර්තාකරුවන්ට පැවසීය. පැය කිහිපයකට පසු, මස්ක් ජනාධිපතිවරයාගේ අදහස්වල වීඩියෝවකින් ඒ ආකාරයෙන්ම පිළිතුරු දෙන ලදී.
අන්‍යෝන්‍ය සුභ පැතුම් මස්ක් සහ ට්‍රම්ප් අතර සැබෑ සංහිඳියාවක් සනිටුහන් කරයිද යන්න පැහැදිලි නැත, ඔහු බ්‍රහස්පතින්දා දවස පුරා රණ්ඩු විය. ට්‍රම්ප් සිකුරාදා මුලදී වාර්තාකරුවන්ට පැවසුවේ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවත්, මස්ක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම පිළිබඳව දිගින් දිගටම කල්පනා කරන බවත්ය.