Hot News

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජියා තානාපතිනිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි Rath Many, මැයි 16…

Hot News

ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා…

Hot News

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක්

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැකසහිත බව ප්‍රවාහන,…

Foreign News

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසයි.

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසනවා. මේ වන විට ඊශ්‍රායල්…

Foreign NewsHot News

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසයි

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසනවා.එක්සත් ජනපද…

ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු  පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කරනු ලැබීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ හා  අදාළ ආයතනවල සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජියා තානාපතිනිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපති Rath Many,දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමක් යෝජනා කළ අතර, එමඟින් වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ඇති හැකියාව ඉස්මතු කළාය. කාම්බෝජ සංචාරකයින් සඳහා වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු (නැගෙනහිර) පිළිබඳ අතිරේක ලේකම් එස්.එස්. ප්‍රේමවර්ධන, සහ එම අමාත්‍යංශයේ අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ආර්. කීගල් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා සංගමය පිහිටුවීමේ රැස්වීම 2025.05.09 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රැස්වීමේදී, ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා තේරී පත් විය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ ජනතාව වසර ගණනාවක් පුරා පලස්තීන ජනතාව සමඟ නිරන්තරයෙන් සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.
2015 වසරේදී ප්‍රථම වරට පිහිටුවන ලද ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, දෙරට පාර්ලිමේන්තු අතර සාකච්ඡා සහ සහයෝගීතාව වර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් කෙරිණි. මෙම සංගමය නැවත පිහිටුවීම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේ.

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක්

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැකසහිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම,
නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරම්න්
අසාධාරණ ලෙස ක්ෂණික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වසර ආරම්භයේ දී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ඇතුළත්‍ ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටළුකාරී තත්වයන් මත අමාත්‍යංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව මේ වන තෙක් කිසිදු නව බඳවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025.05.07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
එළඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුවත්කර ඇත.

මෙම ඉල්ලීම් වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබාදී තිබියදී, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මඟින් විසඳාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යංශ ලෙස අප්‍රසාදය පළ කර බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

සිය ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයවීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය ජුනි 17 සිට ජූලි 16 දක්වා

ජූනි 17 සිට ජූලි 16 දක්වා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවතින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය සැපයීමට නියමිතය. මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තුනක් සහ විස්සයි20 ජාත්‍යන්තර තුනක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වේ.

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසයි.

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසනවා. මේ වන විට ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසාවේ 53,000 පමණ ප්‍රමාණයකට ජීවිත අහිමි වී තිබෙනවා.

මේ ගාසා තීරයේ ඉහළ අහස 2025 මැයි 15 කැමරා කාචයක සටහන් වූ ආකාරයයි.

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසයි

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසනවා.එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙසේ පැවසුයේ තුර්කියේ ස්ථාන්බුල් සාම සාකච්ඡා සිදුවන අවස්ථාවේදීයි.

සෙලෙස්කිගේ පාර්ශවයෙන් තුර්කි සාකච්ඡා සඳහා සහභාගි වී සිටියේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක්. 2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය  ආක්‍රමණය කිරීමත් සමඟ ඇතිවූ ගැටුම්වලින් මිනිස් ජීවිත හා දේපළ හානි විශාල ලෙස සිදුවී තිබෙනවා.

ඉස්තාන්බුල් වෙත “සැබෑ තීරණ ගන්නන් කිසිවෙකු“ නොයැවීම සම්බන්ධයෙන් සෙලෙස්කි ගෙන් දැඩි විවේචනයක් රුසියාවට එල්ල වී තිබේ.

“මගේයි පුටීන්ගේයි මැදිහත්වීම නැතිව බෑ. අපි මේක නතර කරගන්න ඕනේ , හුඟක් අය මැරෙනවානේ” යනුවෙන් ට්‍රම්ප් මාධ්‍ය වේදියෙකුට පවසන දර්ශන පෙළක් බටහිර මාධ්‍යය ඔස්සේ විකාශනය වෙමින්පවතිනවා.

Source : BBC

ගෝලීය ආර්ථික වර්ධනයේ පසුගාමී තත්ත්වයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (15) “2025 වසරේ ගෝලීය ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් පිළිබඳ වසර මැද යාවත්කාලීන කිරීම” යන වාර්තාව නිකුත් කළේය. 2025 වසරේ ජනවාරි මාසයේ පුරෝකථනයෙන් පසු ගෝලීය ඉදිරි ආර්ථික දැක්ම සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව අදාළ වාර්තාව සඳහන් කළේය. ඉහළ ගිය තීරුබදු සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිත භාවය සැපයුම් දාමයන් මත බර පටවමින් ද, නිෂ්පාදන පිරිවැය ඉහළ නංවමින් සහ ව්‍යාපාර ආයෝජන මන්දගාමී කරමින් ද සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත බලපෑම් එල්ල කරනු ලබයි.

2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2.4% දක්වා මන්දගාමී වනු ඇතැයි මෙම වාර්තාවෙහි පුරෝකථනය කර ඇති අතර එය 2024 වසරේ 2.9% ක වර්ධන වේගයට වඩා සැලකිය යුතු පහත වැටීමකි. දුර්වල ගෝලීය වර්ධනය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් බාධා කරන අතර, දරිද්‍රතාවය සහ අසමානතාවය උග්‍ර කරමින් හරිත පරිවර්තනය සඳහා ආයෝජනය ද සීමා කරයි.

එමෙන්ම වත්මන් ගෝලීය ආර්ථිකය ඉහළ අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දෙන බවත්, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය, ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීමට හා තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට තීරණාත්මක වනු ඇති බවත් මෙම වාර්තාව අවධාරණය කරයි.

-CGTN Sinhala

පලස්තීන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – විපක්ෂ නායක

පලස්තීන ජනතාවට ආරක්ෂිත දේශ සීමාවක් තුළ නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇති බැවින් ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සෑම වසරකම මැයි 15 වැනි දින අල් නක්බා දිනය සමරනු ලැබේ. එය පලස්තීන නිජබිම විනාශ කිරීමේ ආරම්භය සහ 1948 දී පලස්තීන ජනගහනයෙන් බහුතරයක් මහා පරිමාණයෙන් අවතැන් වීමේ ආරම්භය සනිටුහන් කරයි. ඒ අනුව අද දිනට යෙදී තිබූ 75 වැනි අල් නක්බා සැමරුම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ නොයෙකුත් ආකාරයේ ජාත්‍යන්තර වැඩපිළිවෙළවල රැසක් මේ ගැටලුව වෙනුවෙන් දියත් වුවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම දශක හතරකට වැඩි කාලයක් පලස්තීන ජනතාව තම භූමිය අහිමි වීම වැනි අභියෝග රැසකට මුහුණ දුන්නත් ඔවුන්ට භූමියකට, රටකට හිමි ස්වයං නිර්ණ අයිතිය අහිමි කළ නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

මැදපෙරදිග කලාපයේ කල්පවත්නා සාමය ඇති කර ගත හැක්කේ සියලු දෙනා එකට එකතු වී සාකච්ඡා කර සම්මුතියෙන් බවට තමා විශ්වාස කරන බවත් එහි දී ගෝලීය වශයෙන් පලස්තීන ජනතාව වෙන් කොට නොසැලකීම, කොන් නොකිරීම, පීඩා නොකිරීම මෙන්ම ඔවුන් සතු අයිතින් දිනා ගැනීමට සැවොම කැපවිය යුතු බවත් ⁣විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. බෝම්බ හෙලා පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරිම වැළැක්විය යුතු බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඒවා වැරදි හෙයින් ස්වාධින රාජ්‍යයක් තුළ ඔවුන්ට හිමි නිදහස ලබා දීමට ගෝලීය වශයෙන් සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අබාධිත ප්‍රජාවට රජයේ විශේෂ අවධානය

අබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදය අබාධ සහිත කණ්ඩායම් වල නියෝජිතයින් සමග එම ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටළු සම්බන්ධව සාකච්ජා කර තිබුණා.

මෙම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

මෙහිදී පැමිණි නියෝජිතයන් අබාධිත ප්‍රජාව වෙනුවෙන් සියලුම මැතිවරණ වෙනුවෙන් නිශ්චිත කෝටාවක් වෙන්කරන ලෙස සංසදයට යෝජනා කෙරුණා. මෙම සංසදයේ සාකච්ජා කරන ලද කරුණු සම්බන්ධව චැනල් 7 අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා.