Foreign NewsHot News

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා දැඩි අවධානය…

Foreign NewsHot News

ඇමරිකාව ආනයනික චීන නිෂ්පාදන සඳහා තීරුබදු පහත දැමීමේ කටයුතු අරඹයි

චීනය සමග පැවති සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමේ විධායක නියෝගය ඇමරිකාවේ ධවල…

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  දෙදෙනෙක්  අද බොක්සිං වළල්ලට

කොලඹ සුගතදාස ගෘහසත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වයස අවුරදු 22 න් පහල ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ සිව් වන දිනය අදයි.

අද දිනයේදී ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 67 සහ කිලෝග්‍රෑම් 60 යන බර පන්තියෙන් තරග බිමට පිවිසෙති.

ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග වැදුනු යස්මින් මොහොමඩ් පලමු තරගයෙන් ජය ගැනීමට සමත් වුනා. කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරගයට පිවිසි සත්සර සිතුමිණ වර්ණකුලසූරියද පලමු තරගයෙන් ජය හිමි කර ගත්තේ කිරිගිස්තාන ක්‍රීඩකයාව පරාජයට පත් කරමින්.

අද දින පස්වරු 1 සිට තරග ආරම්භ වීමට නියමිතය.  තරගාවලිය ලබන 23 වනදායින් අවසන් වේ.

ලබන වසරේ සිට පොදු ප්‍රවාහනයට නව ප්‍රමිතිගත ක්‍රමවේදයක්

පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමිතිගත බස් රථ පමණක් ලබන වසරේ සිට ආනයනය කිරීමට අවසර ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මේ සඳහා නව ප්‍රමිති මාලාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. ආරක්ෂිත ක්‍රමවේදයන්ට සැකසූ නව තාක්ෂණික බස්රථ පමණක් ආනයනයට විශේෂ අවධානය යොමු කෙරේ.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ නියමිත ප්‍රමිතීන් යටතේ ධාවන තත්වයේ පවතීද යන්න සොයාබැලීමට කටයුතු කරන බවත් ඊයේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියා. මේ අතර ප්‍රවාහන බලධාරීන් සමඟ පසුගියදා ප්‍රවාහන බලධාරීන් සමඟ අමාත්‍යාංශයේ පැවැත්වූ සාකච්ඡාවදී කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු තීරණ කිහිපයකටද එළැඹිබව අමාත්‍යවරයා සිටියේය. ඒ අතර පුද්ගලික බස් රථ ධාවනයට පෙර පූර්ව පරීක්ෂාව, එහි පලමු පියවර ලෙස දුර ගමන් සේවා සදහා පුමුඛතාව ලබා දෙන බස්නැවතුම්පොලවලට අවශ්‍ය පහසුකම් ලබා දීම, AI, GPS, CCTV වැනි ක්‍රමවේදයන් ඔස්සේ රියදුරන් නිරික්ෂණයට ලක් කිරීම, දුර ගමන් බස්රථ නවත්වන ආපන ශාලාවල ප්‍රමිතිය සොයා බලා අඩුපාඩු සකස් කිරීම, රිය අනතුරුවන ස්ථාන පිළිබඳව පොලීසියෙන් ලබා ගන්නා තොරතුරු විද්‍යාත්මකව ක්‍රමවේදයක් අනුව සෙසු ආයතන සමඟ අනතුරු වැලැක්වීමේ ඒකාබද්ධ වැඩස⁣ටහනක් ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේදී ගත් තීරණ කිහිපයකි.

යුක්රේන – රුසියා සාම සාකච්ඡා සඳහා පුටින් නැහැ

තුර්කියේ දී අද පැවැත්වීමට නියමිත යුක්රේන – රුසියා සාම සාකච්ඡා සඳහා සහභාගී වන ක්‍රෙම්ලිනයේ නිලධාරීන්ගේ ලැයිස්තුවේ පුටින් නැති බවයි පැවසෙන්නේ.

රුසියාවෙන් සාකච්ඡා සඳහා කවුරුන් පැමිණේදැයි මම බලා සිටිමි, පසුව යුක්රේනය ගත යුතු පියවර තමා ගන්නා බව සෙලෙන්ස්කි පවසනවා.

රුසියාව යුද්ධය කෙරේ පමනක් විශ්වාස කරන වපසරියක රුසියාවට පීඩනයක් ගෙන දෙමින් කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රිකභාවයට සහ උදව් කරන සැමට ස්තුතිවන්ත වන බවත් ඔහු තව දුරටත් අවධාරණය කලා.

ජනාධිපති ට්‍රම්ප් තුර්කියේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා සහභාගී වීම ගැන සලකා බලමින් සිටින බවයි පැවසෙන්නේ.

“කිසිදා නිම නොවන ලේ වැගිරීමක්” ලෙස ඩොනල් ට්‍රම්ප් හඳුන්වා දුන් මෙම ගැටුම් වලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වෙන විට මිය ගොස් ඇති පසුබිමක, රුසියා – යුක්‍රේන යුද ගැටුම් වල අනාගතයේ කෙබඳු වේදැයි ලෝකයම දෑස් දල්වාගෙන සිටි.

ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අද

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන අද (15) පෙ.ව 11 සිට වෙන්දෙසි කිරීමට නියමිතය.

වාහන වෙන්දේසියේ දෙවන අදියරේ කොටසක් ලෙස, සුඛෝපභෝගී සහ ඉවත් කරන ලද මාදිලි ඇතුළුව වාහන 26 ක් අද වෙන්දේසි කිරීමට නියමිතය.

වෙන්දේසි කිරීමට නියමිත සියලුම වාහන පසුගිය වසර දහය තුළ නිෂ්පාදනය කරන ලද ඒවා වන අතර මෙම වාහන සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ඊයේන් (මැයි 14) අවසන් විය.

වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW මෝටර් රථ 01ක්, ෆෝඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරාකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටෙරෝ රථ 01ක්, නිසාන් පැට්‍රෝල් රථ 03ක්, නිසාන් මෝටර් රථ 02ක්, පෝර්ෂේ කේයින් රථ 01ක්, සැන්ග්යොන්ග් රෙක්ස්ටන් ජීප් රථ 05ක්, ටොයොටා ලෑන්ඩ් කෲසර් සහරා රථ 01ක්, V08 වාහන 06ක් සහ මිට්සුබිෂි රෝසා වායු සමීකරණය කරන ලද බස් රථ 01ක් ඇතුළත් වේ.

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා දැඩි අවධානය යොමු කරයි. ඉකුත් ජනවාරි 20වැනි දා සිට අප්‍රේල් 29වැනි දා දක්වා කාල‍යේ ඇමරිකාව නීතිවිරෝධී සංක්‍රමණිකයන් එක් ලක්ෂ 42 දහසක් පමණ පිටුවහල් කර ඇතැයි ඇමරිකා රජය නිකුත් කළ දත්තයන්හි සඳහන් වේ. ඔවුන් අතරින් අවම වශයෙන් වෙනිසියුලානු ජාතිකයන් 245 ක් හා සැල්ව‍දෝර ජාතිකයන් 30 ක් පමණ රැගෙන ගිය ස්ථාන නොදන්නා බව එම දත්ත මගින් හෙළි වේ. ‍බොහෝ සංක්‍රමණිකයන් ඇමරිකාව විසින් පිටුවහල් කිරීමේදී “අපරාධකරුවන්”හෝ ”ත්‍රස්තවාදීන්”වශයෙන් ලේබල් කර ඇති බැවින් ඔවුන් හා ඔවුන්ගේ පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. ඇතැම් සංක්‍රමණිකයන් ප්‍රචණ්ඩකාරීත්වයට හා සිරගතවීම් වලට පවා ලක්වීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් Volker Türk‌ මහතා 13 වැනිදා කියා සිටියේ ය. සංක්‍රමණිකයන්ගේ මූලික මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. නිසි පියවර ගනිමින් සංක්‍රමණිකයන්ගේ මූලික මානව හිමිකම් සුරකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඇමරිකා රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
-CGTN Sinhala

ඇමරිකාව ආනයනික චීන නිෂ්පාදන සඳහා තීරුබදු පහත දැමීමේ කටයුතු අරඹයි

චීනය සමග පැවති සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමේ විධායක නියෝගය ඇමරිකාවේ ධවල මන්දිරය පසුගිය 12 වනදා නිකුත් කර තිබේ. ඊට අනුව ඇමරිකාව ඊයේ(14) අලුයම, පසුගිය අප්‍රේල් 8වැනි දා පළ කළ අංක 14259 සහ 9 වැනිදා පළ කළ අංක 14266 විධායක නියෝගවල චීන භාණ්ඩ සඳහා පැනවූ 91% ක තීරුබදු ඉවත් කර ඇත. එමෙන්ම පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවා ඇති අතර ඉතිරි 10% ක තීරුබදු එලෙසම පවත්වාගෙන යනු ඇත.

එමෙන්ම චීනයෙන් ලැබෙන ඇමරිකානු ‍ඩොලර් 800කට අඩු වටිනාකමකින් යුත් පාර්සල් වෙත පනවන තීරුබදු පහත දැමීම හෝ ඉවත් කිරීම ඇමරිකාව සිදු කරයි. ජාත්‍යන්තර තැපැල් සඳහා තීරුබදු 120% සිට 54%ක් දක්වා අඩු කර තිබේ. ඒ අනුව ලබන ජූනි මස පළමුවනදා සිට සෑම තැපැල් භාණ්ඩයක් සඳහා වන තීරුබදු ඇමරිකානු ඩොලර් 100 සිට 200ක් දක්වා වැඩි කිරීමේ පියවර ද ඇමරිකාව ඉවත් කර ඇත.
-CGTN Sinhala

රම්බොඩ දී වෑන් රථයක් පෙරළෙයි.

කොත්මලේ, රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. මෙම වෑන් රථ අනතුර සිදුව තිබෙන්නේ පසුගියදා බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේදීයි

විශේෂ මදුරු මර්දන සතියක් මැයි 19 දා සිට

විශේෂ මදුරු මර්දන සතියක් මැයි 19 දා සිට 24 දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රටේ පවතින වැසි තත්වය සහ වෙසක් උත්සවය නිසාවෙන් පරිසරයේ ඩෙංගු කාරක බෝවීමේ ප්‍රවණතාව වැඩි විය හැකි බැවින් මෙම විශේෂ මදුරු මර්දන සතිය ප්‍රකාශයට පත් කර ඇත.
මෙය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාත්මක කෙරේ.

මැයි 19 සිට 21 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස (MOH) 47 ක හා මැයි 22 සිට 24 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස (MOH) 48ක ප්‍රධාන වශයෙන් මෙය ක්‍රියාත්මක වේ.
වැඩසටහන ත්‍රිවිධ හමුදාව, ශ්‍රි ලංකා පොලිසීය සහ සිවිල් ආරක්ෂක බලකාය සහය ඇතුව සිදු කරන බව අමාත්‍යංශය පවසයි.

කැනේඩියානු රජයට ශ්‍රීලංකාවේ දැඩි විරෝධය

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.
මීට සුළු මෙහොතකට පෙර අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් ඇති කරන බව ද අමාත්‍යතුමා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.

ප්‍රවාහන කේෂේත්‍රයට නිසි ප්‍රතිපත්තියක්

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබා දෙන මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබේ.

අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරේ. එය මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දීමට නියමිතය.

අනතුරින් පුද්ගලයන් 22 දෙදෙනෙකු මියගියහ. ඔවුන් ජීවත්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම්වරු වෙත මේ වන විට එම මුදල් ලබා දී ඇත. තුවාල ලැබූවන් සඳහා අදාල වෛද්‍ය වාර්තා ලබා දුන් පසු ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා දෙන බව අද අනතුර සම්බන්ධයෙන් සහ වන්දි ලබා දීම වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවා. ලංගම ආයතනය මගින්ද රුපියල් 25,000ක වන්දි මුදලක් ලබා දෙන බවත් බස් රථය රක්ෂණය කර ඇති බැව්න් එම ආයතනයෙන්ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මේ අතර තුවාල ලැබූවන් අතරින් සුව වී නිවෙස් කරා යන පුද්ගලයින් සඳහා සිය පක්ෂය සහ ලංගම මගින් නිවෙස් කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දී ඇතැයිද බිමල් රත්නායක මහතා පැවසීය. ඊයේ අමාත්‍යාංශයේ ප්‍රවාහන බලධාරීන් පැවැති සාකච්ඡාවකදී ව්ශේෂ තීරණ කිහිපයක් ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බස් රථ ධාවනයට පෙර පුර්ව පරීක්ෂණයකට ලක් කිරීම, රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම, දුර ගමන් සේවා ආපන ශාලා ප්‍රමිතය සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ තීරණ ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රවාහන කේෂ්‍රේත්‍රය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති සකස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.