Hot News

ඊජිප්තුව සහ කටාර් රාජ්‍යන්හි මැදිහත් වීම මත ඉදිරිපත්කල දින 60 ක සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.

ඊජිප්තුව සහ කටාර් රාජ්‍යන්හි මැදිහත් වීම මත ඉදිරිපත්කල දින 60 ක සටන් විරාම යෝජනාව හමාස්…

Hot News

රාජිත සේනාරත්න අතඩංගුවට ගැනීම වැලැක්වීමෙ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

රාජිත සේනාරත්නගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…

Hot News

ආබාධිත පුරවැසියන්ට වැඩි අවධානයක් ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අවවරප්‍රසාදිත පුද්ගලයින්…

Hot News

මුත්තු නගර් හි නීතිවිරෝධී පස් කැපීම නවතී – සිදුවීමට තිබූ විශාල හානියක් වළක්වා ගනී

මුත්තු නගර් ප්‍රදේශයේ නීතිවිරෝධී පස් කැනීම් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර…

Hot News

පාරිසරික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණෙන් සාකච්චාවක්

පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් සාකච්චාවක් ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං හා පරිසර…

ඊජිප්තුව සහ කටාර් රාජ්‍යන්හි මැදිහත් වීම මත ඉදිරිපත්කල දින 60 ක සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.

ඊජිප්තුව සහ කටාර් රාජ්‍යන්හි මැදිහත් වීම මත ඉදිරිපත්කල දින 60 ක සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.
පලස්තීන සිරකරුවන් වෙනුවෙන් දැනට රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාගෙන් අඩක් පමණ නිදහස් කිරීම මෙම ගිවිසුමට ඇතුළත්.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය නිල වශයෙන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර, විශේෂයෙන් ගාසා නගරයේ සබ්‍රා ආශ්‍රිත ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් දිගටම පවතින බව විදෙශ් මාද්‍ය වාර්තා කරනවා. ගාසා තීරයේ දිගටම පවතින දැඩි සටන් අතර සටන් විරාමයක් ලබා ගැනීමේ උත්සාහයන් පවතින්නෙ අවිනිශ්චිත ත්ත්වයක.
ගැටුම් කලාපයේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ තත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බවට මානුෂීය ආයතන අනතුරු අඟවනවා.


2023 ඔක්තෝම්බර් මාසයේ ගැටුම ආරම්භ වූ දා සිට 62,000 කට අධික මරණ සංඛ්‍යාවක් සිදුවු බවට පලස්තීන බලධාරීන් වාර්තා කරනවා. මිලියන 2 කට ආසන්න ජනතාවක් අවතැන් වී ඇති අතර ආහාර නොමැතිවිම මට්ටම් කරා ළඟා වෙමින් පවන බවයි වාර්තාවන්නෙ.
ආහාර ටොන් 1,200 ක් ඇතුළු ආධාර නැව්ගත කිරීම් සිදුවෙමින් පවතින නමුත් අඛණ්ඩ බාධාකිරිම් හෙතුවෙන් ඒවා බෙදා දිම ගැටලුවක් විතිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් කණ්ඩායම් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර මානුෂීය ආධාර වැඩි කිරිමට ද කටයුතු කර තිබෙනවා.
මේ අතර, ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටිමින් ඊශ්‍රායලය පුරා විරෝධතා පවත්වෙන බවයි මාධ්‍ය වර්තාකරන්නෙ.

රාජිත සේනාරත්න අතඩංගුවට ගැනීම වැලැක්වීමෙ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

රාජිත සේනාරත්නගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, අගෝස්තු 12 වැනිදා තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර තිබුණා.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.


රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයන් සහ විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා පොලිසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.


අධිකරණය මඟහරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී අද අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ආබාධිත පුරවැසියන්ට වැඩි අවධානයක් ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අවවරප්‍රසාදිත පුද්ගලයින් ලෙස සැලකීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදි තිබෙනවා .ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් ඉදිරි පත්කරන ලද්දෙ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව අය වැය සමාලොචන රැස්විමට එක්වෙමින් .

2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්මෙහිදි සිදුකෙරුනා.සකච්චව පවත්වුනෙ . අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී .

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා, එක් එක් කණ්ඩායම් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ඵලදායීව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එමගින් ගමට මුදල් ගලා යාම සමඟ ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියාවට නංවමින් ජනතාවට මෙම ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයාමෙහිදි සඳහන් කල බව ජන්නධිපති මාධ්‍ය අන්ශය නිකුත්කල නිවෙදනයෙ සදහන් .

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස,සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

චීන-ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වේ

චීන-ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කරතිබෙනවා.
ඒ චීන විදේශ අමාත්‍ය යැන්ග් යි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයසන්කර් අතර පැවති සාකච්ඡාවකදී.

එම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී චීන විදෙශ ඇමති වරයා පැවසුවේ දෙරට නායකයින්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින් සියලුම මට්ටමේ සංවාද මෙන්ම ද්විපාර්ශවික සබඳතා ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වාගැනිම් තහවුරු වෙමින් පවතින අතර ඉන්දියානු බැතිමතුන්ට චීනයේ ශිශන්ග් ස්වායත්තයේ පූජනීය ස්ථාන වන්දනා ගමන් යළි ඇරඹීමට සහයෝගය ලබා දෙන බව ද ඔහු පවසා සිටියා.
මේ වනවි‍ට චීන-ඉන්දියා සබඳතා ශක්තිමත් වෙමින් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ද Wang Yi මහතා සඳහන් කලා. චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය ද මෙ වසරෙ සැමරිමට නියමිතයි. අතීත පාඩම් සිහිපත් කර, නිවැරදි උපායමාර්ගික දැක්මක් සහිතව තරඟකරුවන් හෝ එදිරිවාදීන් ලෙස නොව හවුල්කරුවන් සහ එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇති බවයි ඔහු පවසනු ලැබුවෙ.


විශාල අසල්වැසි රටවල් එකිනෙකා පිළිබඳ ගරුත්වයෙන් විශ්වාසය පවත්වා ගනිමින් පොදු සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීමට නම් නිවැරදි මාර්ගයකට පිවිසිය යුතු බවත් ප්‍රකාශ කල චීන විදෙශ ඇමතිවරයා ඒ සඳහා චීනය අසල්වැසි රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව වැඩිදුරටත් අවධාරණය කරනු ලබුවා.
මේ අතර ඉන්දීය විදෙශ අමාත්‍ය සිව සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා සාමාන්‍යකරණය වෙමින් පවතින බවයි. එමෙන්ම චීනය සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කර ගනිමින්, ආර්ථික සහ වෙළඳ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඔහු සදහන් කලා . මානව සබඳතා ශක්තිමත් කර දේශසීමා ප්‍රදේශයේ සාමය සහතික කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

2025 ආසියානු ක්‍රිකට් ශුරතාවයේ ඉන්දීය සංචිතය නම් කෙරේ

2025 ආසියානු කුසලාන විස්සයි-විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි නායකයා ලෙස සූර්ය කුමාර් යාදෙව් කටයුතු කරනවා.

ශුබ්මන් ගිල්, ජස්ප්‍රිට් බුම්රා සහ සංජු සැම්සන් ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

දඟ පන්දු යවන්නන් ලෙස කුල්දීප් යාදව් හා වරුන් චක්‍රවර්ති ද සංචිතයට කැඳවා ඇති බව සදහන් වනවා

මුත්තු නගර් හි නීතිවිරෝධී පස් කැපීම නවතී – සිදුවීමට තිබූ විශාල හානියක් වළක්වා ගනී

මුත්තු නගර් ප්‍රදේශයේ නීතිවිරෝධී පස් කැනීම් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි මුල් අදියරේදීම නවත්වා දැමීමට කටයුතු කර තිබෙනවා.
එමගින් සිදුවිය හැකි විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

මුත්තු නගර් ප්‍රදේශයේ සෝලා සමාගම් වෙත බදු දී ඇති භූමියෙහි නීතිවිරෝධී පස් කැනීම් සිදු කිරීමට උත්සාහ ගත් බවට හදුනාගන්නා ලද ප්‍රදේශය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක්වුණා.
නියෝජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයට නීතිමය හා සම්මත ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට ද අවශ්‍ය උපදෙස් මෙහිදී ලබා දී තිබෙනවා.


මෙම අධීක්ෂණ කටයුත්ත සාර්ථකව සිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, පොලිසිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කලාප ලේකම් කාර්යාලය ද එක්ව සහයෝගය දක්වා තිබුණා.
දැනට මෙම නීතිවිරෝධී පස් කැනීම් කටයුත්තට සම්බන්ධ කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, තවදුරටත් විමර්ශන සිදු කරන බවටද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලා.

ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ 9 ක් යළි ධාවනයට

ධාවනයෙන් ඉවත් කරන ලද 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද බස් රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා.
කිලෝමීටර් 5000 ක කෙටි දුර ධාවනයෙන් පසු, අධිවේගී මාර්ග සහ දුර ගමන් සදහා මෙම බස් රථ යෙදවීමට නියමිතයි.

ආදායම් රහිත ග්‍රාමීය මාර්ග සඳහා රජයේ ආධාර යටතේ බස් රථ යෙදවීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වන ලද චෝගම් බස් රථ 35 ක් අතරින් අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ක් මෙසේ ධාවනයට එක් කර තිබෙනවා.
මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් විසින් ලබාදී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම අලුත්වැඩියා කරන ලද බස් රථ 09 වෙනුවෙන් රු. ලක්ෂ 375 ක් පමණ වැයවී තිබෙන අතර තවත් බස් රථ 36 ක් අළුත්වැඩියා කිරීම සඳහා ඉතිරි ව තිබෙනවා.
එම බස් රථ වෙනුවෙන්ද අමතර කොටස් ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාස 03 ක් වැනි කාලයක් තුලදී ඒවාද අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

පාරිසරික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණෙන් සාකච්චාවක්

පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් සාකච්චාවක් ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං හා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි අතර පවත්වා තිබෙනවා.
පාරිසරික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිවයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ඉන්දුනීසියාව විසින් සාර්ථකව නිපදවා ඇති කාබනික දියර පොහොර පිළිබඳව මෙහිදී තානාපතිනිය විසින් අදහස් දක්වා තිබෙනවා.
පොල්, තේ සහ වී වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සඳහා පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි ප්‍රතිඵල ඉතාමත් සාර්ථක වූ බවයි ඇය එහිදී පවසා ඇත්තේ.
පරිසර අමාත්‍යතුමා විසින් මෙම යෝජනා අගය කරනු ලැබූ අතර, දෙරට අතර කෘෂිකර්මාන්තය සහ පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩසටහන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පවසා තිබෙනවා.
හරිත අනාගතයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම කැපවී සිටින බවයි දෙපාර්ශවය විසින් මෙහි දී වැඩිදුරත් පවසා ඇත්තේ.

භූ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව රනින් බබලයි.

පසුගියදා චීනයේ පැවති 18 වන ‘ ජාත්‍යන්තර භූ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාව පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සදහා 15 වතාවක් සහභාගී වී ඇති අතර මෙවර වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයක්.
මහනුවර උසස් බාළිකා විද්‍යාලයේ තෙනුකි ෂෙහන්සා සහ කිළිනොච්චිය වැඩකාලච්චි විද්‍යාලයේ අභිෂාන් අරුල් රාජා රන් පදක්කම් දිනා ගත්තා.
මෙම තරගාවලියට ලෝකයේ රටවල් 31 ක වයස අවුරුදු 18 ට අඩු ශිෂ්‍ය තරගකරුවන් 130 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.
භූ විද්‍යා අධ්‍යයන ආයතනය සහ චීන භූ විද්‍යා ඔලිම්පියාඩ් සංගමය විසින් සංවිධානය කල තරගාවලිය චීනයේ ජිනින්ග් හී දී පැවත්වුනා.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගයේ තිරනය ඉදිරියේදී.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යය වරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව තමන්ට ලැබී ඇති බවත් ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දෙන බව කථානාය වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේවෙතත් විශ්වාස භංග යෝජනාව ඉදිරයට ගෙනයාම සම්බන්දයෙන් අවසන් තීරණය කතානායකවරයා සතු බවයි නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා