Hot News

ජනපති හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචර්ඩ් මාල්ස් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී ඊයේ…

Hot News

ජනතාව නොමග යන ප්‍රචාර කරන මාධ්‍යයට එරෙහිව නීතිමය පියවර – කැබිනෙට් ප්‍රකාශක

කෙහෙළිය රබුක්වැල්ල ඇමතිවරයාට අධිකරණය හමුවට යාමට සිදුවූ භාවිතයෙන් බැහැර කරන ලද හියුමොග්ලොබින් ඖෂධ තොගයක් යලි…

දේශීය කිරි කර්මාන්තය ඵලදායී ව්‍යාපාරයක් ලෙස දියුණුකිරීමට අවධානය යොමු වේ

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම සහ ඵලදායීතා ව්‍යාපාරයක් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු වේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන වෙළදපොළ කේන්ද්‍ර කරගත් ඵලදායී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මේ වන විට මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව වර්ධනයක් ඇතැයි සාකච්ඡාවට සහභාගී වූ මිල්කෝ ආයතනය පෙන්වා දුන්හ.

මේ අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත,  මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් එක්වුණා.

ජනපති හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචර්ඩ් මාල්ස් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී ඊයේ (03) පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති බව සදහන් කල ජනාධිපතිවරයා
දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්චා කරන ලදී.

පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළඳාම, මිනිස් ජාවාරම් , ත්‍රස්තවාදය හා ආයුධ වෙළඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දුන් සහාය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරිණි.

සංචාරක, අයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඉතා සුරක්ෂිත රටක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ සිහිපත් කළ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අල්ලස, දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ප්‍රසංශාවට ලක් කරන බවයි.

වෙළඳ, ආර්ථික,දේශපාලනික, සංචාරක හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අරමුදල උතුරට

සීමිත පිරිසක් සදහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීමේ කාර්යක්ෂම වැඩපිලිවෙලක් බවට පත්කිරීමේ තවත් පියවරක් ලෙස ඊට අදාල නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය , මුලතිව්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම්වරු හා විෂ්‍යානුබද්ධ නිලධාරීන් සදහා පුහුණු වැඩමුලුවක් 21 වෙනි දින කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

පුහුණු වැඩසටහන මගින් උතුරු පළාතේ ජනාධිපති අරමුදලෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහල දැමීමත් ඔවුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සහ මාර්ගගත සේවාව හදුන්වා දීමත් තුලින් කඩිනම් සේවා සැපයීමට පුහුණුව හා දැනුම ලබා දීම මෙම වැඩමුලුවේ අරමුණු වේ.

ජනාධිපති අරමුදලේ කාර්යන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමග ඊට ලැබෙන වෛද්‍යාධාර අයදුම්පත් සංඛ්‍යාව ඉහල ගොස් ඇත.

ඉදිරියේදී පුහුණු වැඩසටහන් සෙසු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපති අරමුදලෙන් රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීම සදහා කටයුතු කරන බවටයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජාතික පරිසර සතියේ වෙරළ කලාප පවිත්‍රතා දිනය හෙටයි

ලෝක පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සතිය ක්‍රියාත්මකයි. පරිසර සතියේ හයවැනි දිනය වන හෙටදිනය වෙරළ කලාප පවිත්‍රතා දිනය වශයෙන් එය නම්කර ඇත. මේ යටතේ දිවයින පුරා වෙරළ කලාප පවිත්‍ර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
මීගමුව කලපුව පවිත්‍ර කිරීමේ වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇත. එය ලියනෙමුල්ල කඩොලාන උද්‍යානයේ දී හෙට පෙරවරු 8.30 සිට ක්‍රියාත්මකයි .

පේදුරුතුඩුව වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන මෙහෙයවන්නේ රාජ්‍ය දැවසංස්ථාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් ඌරණිය වෙරළ පව්ත්‍ර කිරීම හෙට උදෑසන ආරම්භ කිරීමට නියමිතයි.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෝදර, මොරටුව , කලුතර වෙරළ තීරයන් ද පුත්තලම , කල්පිටිය, නාත්තන්ඩිය , ගම්පහ, ගාල්ල වෙරළ තීරයන් ද පවිත්‍ර කිරීම ද මීට සමගාමීව සිදුකෙරේ.

පරිසර සතියේ ජල සංරක්ෂණ දිනය අදයි.

ජගත් පරිසර සතියේ පස්වන දිනය අදයි. අද දිනය නම් කර ඇත්තේ ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසයි.ඒ අනුව දිවයින පුරා ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමේ වැඩසටහනන් ක්‍රියාත්මකයි. ඒ නිමිත්තෙන් විශ්ව විද්‍යාල සිසුන් හා අමාත්‍යංශ වල අනුබද්ධ නිලධාරීන් ඒ පිලිබදව දැනුවත් කිරීමක් සිදුකෙරේ.
මෙය පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි හා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එමෙන්ම රාජ්‍ය දැව සංස්ථාව මූලීකත්වයෙන් සිසු බැංකු රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ යටතේ දැවමය වශයෙන් වටිනා පැල ලබාදීම සහ කෘෂි උපකරණ කට්ටල් ලබා දීම අද වැලිගම පැලෑනිය රතනජෝති විද්‍යාලයේදී සිදු කෙරෙයි.
තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ජල මූලාශ්‍ර පිහිටි ප්‍රදේශවල පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් භූ විද්‍යා හා පතල් කාර්‍යාලය මූලිකත්වයෙන් ක්‍රියාත්මකයි. සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මූලිකත්වයෙන් වෙරල පවිත්‍රතා සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලංසිගම වෙරළ තීරයේදී ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමණාකර සම්බන්ධයෙන් පාසල් ලමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය සම්පල්තිවු විද්‍යාලයේ දී සහ පුරන්වැල්ල ප්‍රදේශයේදි පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වලට බය වෙන්න ඕනිද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝකයේ කොවිඩ් 19 ඉහල යෑමක් දක්නට ලැබුනද අනියත බියක් ඇතිකරගතයුතු නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .
රෝගය පැතිරයාම ගැන සෞඛ්‍ය අංශ නිරතුරු අවධානයෙන් පසුවේ. සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා තත්වයන් සඳහා රෝහල්ගත වීමක් අවශ්‍ය නොවේ. හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් පමනක් රෝහල් වෙත යොමුවිය යුතුය. කෙසේ වෙතත් කොවිඩ් 19 රෝගයෙන් සහ සෙසු ශ්වසන රෝග වලින් ආරක්ෂා වීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු නිරතුරුව පවත්වාගෙන යාම වැදගත්ය.

කිවිසින විට හෝ කහින විට වැලමිටෙන් හෝ ටිෂූවැනි දෙයකින් ආවරණය , අපිරිසිදු දෑත් වලින් මුහුන අතපතගෑමෙන් වැලකීම, නිතර දෑත් පිරිසිදුකරගැනීම වැනි පුරුදු පවත්වාගත යුතුය . ශ්වසන රෝගීන් මුඛ ආවරණ පැළඳීම සහ සෙනඟ ගැවසෙන තැන්වලට නොයාම යෝග්‍ය වේ. වයස්ගත පිරිස්, ගර්භණී මාතාවන්,ළදරුවන් නිදන්ගත රෝගවලින් පෙලෙන පුද්ගලයන් සහ ප්‍රතිෂක්තිය පහළ දමන ⁣⁣ඖෂද ලබාගන්නන් වැනි අවදානම් කන්ඩායම් වඩාත් ආරක්ෂා වියයුතුය.

2023 වසරේ කොවිඩ් වසංගතයෙන් මිඳුණු පසු එය සාමාන්‍ය ශ්වසන රෝගයක් ලෙස සලකන ලදී. වෛරසය පැතිර යාමේදී යම් යම් ජාන විකෘතින්ට ලක්වීම සාමාන්‍ය දෙයකි. දැනට ලොව පුරා පැතිරෙන කොවිඩ් ප්‍රභේදය 2024 දී ශ්‍රීලංකාවේ දක්නට ලැබුනු ප්‍රභේදයම වේ. එබැවින් ඉන් උග්‍ර රෝගී තත්වයන් හෝ සංකූලතා වාර්තා නොවේ. 2024 වර්ශයේ දී කොවිඩ් ප්‍රතිශතය සාමාන්‍ය ශ්වසන රෝගීන්ගෙන් 3% කි. එම වසරේ මැයි මාසයේදී ප්‍රතිශතය 9.6% දක්වා ඉහල ගියේය. නමුත් මේ වසරේදී ප්‍රතිශතය 2%ක් වැනි සුලු වැඩිවීමකි. 2024 දී මෙන්ම 2025 මැයි මාසයේ රෝගීන් වාර්තා වීම ඉහලගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රොගයේ හැසිරීම පිළිබඳ තාමත් පර්යේශණ මට්ටමෙ පවතී.

භාෂාව ගැටළුවක් නොවන කාලයක් උදාවෙනවා

මෙරට තරුණ තරුණියන්ට භාෂාව ගැටලුවක් කර නොගෙන කටයුතු කළ හැකි කාලයක් ඉදිරියේදී උදාවන බවත්, ඒ වෙනුවෙන් Youth Clubs හරහා විශාල දායකත්වයක් ලබාදීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් Youth Clubs ගොඩනැගීම ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වෙත විශේෂ අවධානයක් යොමු කර ඇත. Youth Clubs පිහිටුවීමේ කටයුතුවලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසු ගියදා උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි , වවුනියා දිස්ත්‍රික්කවල Youth Clubs පිහිටුවීමේ අවස්ථාවන්ට සහභාගී වෙමිනි.

එමඟින් තරුණ තරුණියන්ට අධ්‍යාපනයට, රැකියාවට, විදේශ රැකියාවට, හැකියාවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය. රැකියා ලබා ගැනීම වෙනුවෙන් දේශපාලකයන් වෙත ගිය යුගය අවසන් කර ඇති බවත්, Youth Clubs හරහා තරුණ තරුණියන් ආණ්ඩුව සමඟ සෘජුව සම්බන්ධ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Cleen Sri lanka මුහුදු පතුලත් ක්ලීන් කරයි.

2/06/2025 දින එනම් ඊයේ උදෑසන තිුණාමල පරවි දූපත ආශ්‍රිත භූමිය පිරිසිදු කරනු ලැබුවා.

මේ යටතේ අදාළ මුහුදු තීරයේ සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8 ක පිහිටා තිබෙන මුහුදු පතුලත් පිරිසිදු කිරීම විශේෂත්වයක්.

පරිසරයේ සුන්දරත්වය රැකගැනීම අරමුණු කරගෙන “ක්ලීන් ශ්‍රී ලංකා ” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා රාජ්‍යය මෙන්ම පුද්ගලික අංශයේ ද පිරිස් සහභාගි වී සිටියා

ජනතාව නොමග යන ප්‍රචාර කරන මාධ්‍යයට එරෙහිව නීතිමය පියවර – කැබිනෙට් ප්‍රකාශක

කෙහෙළිය රබුක්වැල්ල ඇමතිවරයාට අධිකරණය හමුවට යාමට සිදුවූ භාවිතයෙන් බැහැර කරන ලද හියුමොග්ලොබින් ඖෂධ තොගයක් යලි භාවියත ගැනීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇතයි එක්තරා මාධ්‍ය ආයතනයක් ගෙන ගිය ප්‍රචාරය සිතා මතා ද්වේශසහගතව මහජනතාව නොමග යැවීමට කල ප්‍රකාශයක් බව කැබිනෙට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි. මෙය සෞඛ්‍යය පිලිබඳ මහජන විශ්වාශය බිද දැමීමට කල දෙයක් බැවින් මේ පිලිබඳ නීතිමය පියවර ගැනීමට උපදේශ දී ඇති බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී . දැන් පවතින කැබිනෙට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

මිලියන 300 ක වියදමින් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක්

ඌව පළාත් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ.

වර්ග කිලෝ මීටර 1,188 ක වපසරියකින් යුත් මෙම ක්‍රීඩා සංකීර්ණය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කි.

ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම පසු ගියදා සිඳු විය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිඳු කෙරින.

මීට සමගාමීව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් බඳුල්ල දිස්ත්‍රික්කයේ තෝරගත් පාසල් 14ක් සඳහා ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම ද සිදුකර ඇත.එම කට්ටලයක වටිනාකම ලක්ෂ 3 කි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සම්බන්ධ විය.