Hot News

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු මුදා ගැනේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල බලහත්කාරයෙන් රදවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු එයින් මුදා…

Hot News

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු මුදා ගැනේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල බලහත්කාරයෙන් රදවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු එයින් මුදා…

කෘෂි ව්‍යාපෘති දාහයි මිලියන දාහයි.

ගොවි බිමට පුනරුදය නමින් 29/4/2025 දින ආරම්භ කළ වැඩසටහන මගින් ගොවි ව්‍යාපෘති දාහක් සඳහා රුපියල් මිලියන 1000 ක් ප්‍රධානය කිරීමේ වැඩ පිළිවෙලක්
රජය විසින් ආරම්භ කර ඇත.

රුපියල් මිලියනයකට යටත්ව ප්‍රතිපාදන ලංකාව පුරා පිහිටි ගොවි සංවිධාන හරහා කෘෂි ව්‍යාපෘති වලට ලබාදෙයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් පසුගියදා ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

පුද්ගලික අංශයේ සේවක වැටුප් ඉහල නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

පුද්ගලික අංශයේ සේවක වැටුප් ඉහල නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාළව 2005 අංක 36 දරන සේවකයින්ගේ අයවැය සහන දීමනාව පනත, 2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සහ 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 07 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනයන් ලැබී තිබේ.
එම සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු මුදා ගැනේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල බලහත්කාරයෙන් රදවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු එයින් මුදා ගැනේ.

මුදා ගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා පසුගිය අගහරුවදා (13)මියන්මාර – තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී
තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවා.
ඔවුන් ඊයේ (7) උදැසන කටුනායක ගුවන් තොටුපොල වෙත ඔවුන් රැගෙන විත් තිබුණා.

මෙම පිරිස මුදාගනු ලැබූවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය
මරිස් සන්ගම්පොන්ස්ගා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ
අවස්ථා කිහිපයක කල දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුවයි.

මීට පෙර ඉකුත් මාරතු මස 18 වන දින මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින
ශ්‍රී ලාංකිකයන් 27ක් මෙරටට ගෙන්වා ගනු ලැබුවා.

පළමුදින ඡන්ද විමසීම අවසන් – කළු දුමාරයක් පිටවෙයි

267 වන පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා සිස්ටයින් දේවස්ථානයේ දී ඊයේ (මැයි 07) දින පැවති පළමු වටයේ ඡන්ද විමසීම අවසන් වුනා. ඊයේ සිස්ටයින් දේවස්ථාන චිමිනියෙන් කළු දුමාරය නැගී ගිය අතර එයින් පෙන්නුම් කලේ නව පාප්වරයෙකු තේරී පත්වී නොමැති බවයි. කළු දුමාරය දිස්වන විට ශාන්ත පීතර චතුරස්‍රයේ 30,000 කට අධික පිරිසක් රැස්ව සිටියා. ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අද (බ්‍රහස්පතින්දා) උදෑසන නැවත ආරම්භ වීමට නියමිතයි.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ද කතෝලික පල්ලියේ 267 වන පාප් වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ දින එක් වුනා. කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්නා තෙක් ඡන්දය ප්‍රකාශ කිරීම දිගටම පවතිනු ඇත. දිනය අවසන් වන විට නව පාප් වහන්සේ තෝරා නොගතහොත් ක්‍රියාවලිය ඉදිරිදෙන දක්වා ක්‍රියාත්මක වෙයි. නව පාප් වහන්සේ තේරී පත්වීම ප්‍රකාශ වන්නේ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරයක් පිටවීමෙන්. ඒත් සමගම ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කරන අතර එය නව නායකයා තෝරා පත් කර ගත් බව සංඥා කරයි.

නව පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු මෙවර සුදුසුකම් ලබා තිබේ. පළමු ඡන්ද දිනය අවසන් වීමෙන් පසුව දිනකට හතර වතාවක් උදෑසන දෙවරක් සහ දහවල් දෙවරක් ඡන්දය ප්‍රකාශ කිරීමට කාදිනල්වරුන් එක්වෙයි. 

1981 සිට මෙවැනි ඡන්ද විමසීමක් දින හතරකට වඩා නොපැවතුනු අතර ඊයේ ආරම්භ වුණු නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම දිගු හා ඓතිහාසික ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරයි.

ෆුල්ෆේස් තහනම් වෙයිද?

මේ වන විට රට පුරා පැවති වෙඩි තැබීම් හා ඝාතන සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී බොහෝ අපරාධකරුවන් ඉතාමත් සූක්ෂම අන්දමින් සිය අනන්‍යතාවයන් සැඟවීමට සම්පූර්ණ ලෙස මුහුණු ආවරණය කරමින් හිස්වැසුම් පැළඳ එම අපරාධයන් සිඳුකර ඇති බව මේ දින වල සංසරණය වන cctv දර්ශන වලින් සනාථ වී තිබේ.


ඒ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් යතුරුපැඳියක් පැදවීමකින් තොරව සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ සිටින්නේ නම් හෝ සැක සහිත අන්දමින් යම් පුද්ගලයෙකු හැසිරෙන්නෙ නම් එම පුද්ගලයා පරීක්ෂා කිරීමටද ඔවුන්ගේ අනන්‍යතාවයන් තවුරු කළ නොහැකි වුවහොත් අත් අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත

රුසියානු සටන් විරාමය ඇරඹේ

“යුධ ජයග්‍රහණ දින සටන් විරාමය”ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කරයි. අද(8) සිට “යුධ ජයග්‍රහණ දින සටන් විරාමය”ක්‍රියාත්මක කරන බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

සෝවියට් සංගමයේ මහා ‍දේශප්‍රේමී යුධ ජයග්‍රහණයේ 80වැනි සංවත්සරය පැවැත්වෙන කාලයේ එනම් මෙමස 8වන දින සිට 11වන දින දක්වා කාලයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බව ඉකුත් 28වැනි දා ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා කියා සිටියේ ය. ඒ අනුව එම කාලසීමාව තුළ රුසියාව සියලු යුධ ක්‍රියාකාරකම් නතර කරනු ඇත.
-CGTN Sinhala

චීන ජනපති රුසියාවේ නිල සංචාරය අරඹයි

චීන ජනාධිපතිවරයා මොස්කව් හි Vnukovo Andrei Tupolev ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 7වැනිදා පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් රුසියාවේ මොස්කව් අගනුවරට ළඟාවී එරට නිල සංචාරය ආරම්භ කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයෙන්, ෂී ජින් පිං මහතා මැයි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි. සංචාරය අතරතුර, ඔහු සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වනු ඇත.

චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ‌මොස්කව් හි Vnukovo Andrei Tupolev ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී රුසියානු උප අග්‍රාමාත්‍ය Tatyana Golikova මහත්මිය ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උණුසුම් පිළිගැනීමක් පවත්වා තිබේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු මුදා ගැනේ.

මියෙන්මාර් සයිබර් අපරාධ කදවුරු වල බලහත්කාරයෙන් රදවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයින් 15 දෙනකු එයින් මුදා ගැනේ.

මුදා ගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා පසුගිය අගහරුවදා (13)මියන්මාර – තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී
තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවා.
ඔවුන් ඊයේ (7) උදැසන කටුනායක ගුවන් තොටුපොල වෙත ඔවුන් රැගෙන විත් තිබුණා.

මෙම පිරිස මුදාගනු ලැබූවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය
මරිස් සන්ගම්පොන්ස්ගා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ
අවස්ථා කිහිපයක කල දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුවයි.

මීට පෙර ඉකුත් මාරතු මස 18 වන දින මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින
ශ්‍රී ලාංකිකයන් 27ක් මෙරටට ගෙන්වා ගනු ලැබුවා.

ආනයන තීරුබදුවලට අදාළ යෝජනා විවාදයට

පාර්ලිමේන්තුව අද (08) සහ හෙට (09) රැස්වීමට නියමිතය.

මේ අනුව රේගු ආඥා පනතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 09 වැනි දා ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතය.

හෙට දිනයේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා 6ක් විවාදයට ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාව මෙදින විවාදයට ගැනීමට ද නියමිතය.

ලෝක බැංකුවෙන්  ශ්‍රී ලංකාවට  ඩොලර් බිලියන 1 ක ආධාරක පැකේජයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1 ක ආධාරක පැකේජයක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 1 ක ආධාරක පැකේජයක් අනුමත කර ඇති අතර එය ඉදිරි වසර තුන තුළ ලබා දීමට නියමිතය. මෙමගින්  ප්‍රධාන ආර්ථික අංශකිපයක ප්‍රවර්දනය   සහ ඉදිරි දශකය තුළ අපෙක්ශිත  රැකියා 700,000 ක  හිඟය පියවීම අරමුණුවි තිබෙ .   තරුණ පුද්ගලයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රම බලකායට ඉදිරි වසර තුන තුල ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා

 හමුවෙන් පසු මෙම කරුණු ප්‍රකාශයට පත්කෙරින .   කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  හමුව සිදුවිය . මෙම හමුව දශක දෙකකට ආසන්න කාලයකින් පසු ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට කළ පළමු සංචාරය සනිටුහන් කළේය.

මෙම  සහාය පැකේජය මගින්  බලශක්ති අංශය ප්‍රවරනය සදහා  ඩොලර් මිලියන 185 ක් ලබෙන අතර  මෙම ආයෝජනය ගිගාවොට් 1 ක නව සූර්ය සහ සුළං බලශක්ති ධාරිතාවක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙමගින්  විදුලි පිරිවැය අඩු කිරීමට සහ ඩොලර් මිලියන 40 ක ඇපකර ඇතුළුව ඩොලර් මිලියන 800 කට අධික පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම සංචාරක    අංශය ප්‍රවර්දනය සදහා    ඩොලර් මිලියන 200 ක් වෙන්කර අති අතර එමගින්  සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ ප්‍රජා පාදක රැකියා නිර්මාණය කිරීමට ස්වාභාවික හා සංස්කෘතික වත්කම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

ප්‍රාදේශීය සංවර්ධනය සදහා ඩොලර් මිලියන 200 ක් වෙන්වන අතර  දේශීය ආර්ථිකයන් සහ රැකියා නිර්මාණය උත්තේජනය කිරීම සඳහා ආයෝජන ,උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු අඩු පහසුකම් සහිත ප්‍රදේශවල යටිතල පහසුකම් සහ කර්මාන්ත සන්වර්දනය මෙමගින් ඉලක්කකෙරෙ . 

විශේෂයෙන් ඉහළ රැකියා විභවයක් ඇති අංශවල, පෞද්ගලික ව්‍යවසායයන්ට හිතකර කොන්දේසි නිර්මාණය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමේ වැදගත්කම ලෝක බැංකු සභාපති අජේ බංගා අවධාරණය කළේය. මෙම ආධාර මගින්  ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවන්ට පුලුල්   ප්‍රතිලාභ ලබා දීමට තමා කැපවන බව   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී   ප්‍රකාශ කළේය.