Hot News

ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතාවයේදී ශ්‍රී ලංකාව රනින් බබලවයි

ඉන්දියාවේ පැවති පළමු වැනි ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…

Hot News

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන්…

Foreign NewsHot News

සින්දූර් මෙහෙයුමේ දි පකිස්තානය පැය කිහිපයක් ඇතුළත දණ ගැස්වූවා

සින්දූර් මෙහෙයුමේ දි පකිස්තානය පැය කිහිපයක් ඇතුළත ඉන්දියාව දණ ගැස්වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි…

Hot News

ජාතික කනිෂ්ඨ සහ ජේෂ්ඨ පිහිනුම් තරගාවලිය – ජාතික ශූරයා හේෂාන් ජාතික ශූරිය මිනාගි

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ සහ ජේෂ්ඨ පිහිනුම් තරගාවලිය දින…

Hot NewsSport News

යොවාන් ඩේවිඩ් ෆෝමියුලා ධාවන තරඟයකට සුදුසුකම් ලත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි.

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය විසින් සංවිධාන කරන ෆෝමියුලා ධාවන තරඟයක තුන්වන අදියර නියෝජනය කිරීමට සුදුසුකම්…

ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතාවයේදී ශ්‍රී ලංකාව රනින් බබලවයි

ඉන්දියාවේ පැවති පළමු වැනි ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකුගෙන් 08 දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
ඔවුන් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර ඊයේ රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියා.


මෙම තරගාවලිය අගෝස්තු 10 වන දින ඉන්දියාවේ භුබනේශ්වර් නුවර දී පවත්වා තිබුණා.
එහිදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මීටර් 86 යි 50 ක් දුර විසි කරමින් රන් පදක්කම දිනා ගත්තා.
ඔහු ශ්‍රී ලංකා වාර්තාවක් ද තබමින් , ලෝකයේ මෙම ඉසව්වෙන් 07 වන ස්ථානයට පත් වූ අතර ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට ද අවස්ථාව උදා කර ගැනීමට සමත් වී තිබීම විශේශත්වයක්.
එසේම හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී එයින් ලෝකඩ පදක්කමක් දිනා ගත් සුමේධ රණසිංහ ලෝකයේ හෙල්ල විසිකිරීමේ ශේණිගතකිරීම් හි 10 වැනි ස්ථානයට පත් වී තිබේනවා.
ක්‍රීඩකයින් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා යුධ සහ ගුවන් හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලදාරීන් ඇතුලු පිරිසක් පැමිණ සිටියා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක් යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද ජනාධිපති වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුනා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.


ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා මෙහීදී පෙන්වා දුන්නා.
එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නා.

ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජූලි මාසයේ විදේශ විනිමය අනුපාතය පෙර වසරට වඩා 23% වැඩි ප්‍රතිශතයක්

ජූලි මාසයේදී විදෙස් රැකියවන්හි නිරත්වුවන් ඉපයු විනිමය පසුගිය වසර හා සසදන විට 23% කින් ඉහළ ගොස් තිබෙනවා.
එය ඇමරිකානු ඩොලර් මිලියන 697 ක් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව පෙන්වා දෙන්නෙ.
ආර්ථික ස්ථායිකරණ උත්සාහයන් අතර විදේශ රැකියා අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම සහ මුදල් එවීමේ විධිමත් මාර්ග කෙරෙහි විශ්වාසය වැඩි වීම මෙසේ විනිමය ගලා ඒම වැඩිවීමට හෙතු වි තිබේ.
මැදපෙරදිග සහ යුරෝපයේ විදේශ රැකියා අවස්ථා පුළුල් වීම. ආරක්ෂිත, වේගවත් මුදල් හුවමාරු කිරීම් සඳහා පහසුකම් සපයන වැඩිදියුණු කළ ඩිජිටල් සහ බැංකු යටිතල පහසුකම් මෙ අත ර කැපිපෙනෙ.
ලංකාවේ ගෙවුම් ශේෂ පියවිමේ ප්‍රධාන කුළුණක් ලෙස ආර්ථික විද්‍යාඥයින් විනිමය ප්‍රේෂණ සලකයි, විශේෂයෙන් IMF සහාය ලබන ප්‍රතිසංස්කරණ යටතේ රට දිගුකාලීන ණය තිරසාරභාවය සහ වර්ධනය අපෙක්ශා කරනවා.”මෙම විනිමය ඉපැවුම් වල තියුණු වැඩිවීම බාහිර අංශය ශක්තිමත් කරනවා පමණක් නොව, ගෘහස්ථ ආදායම් සහ දේශීය පරිභෝජනයට ද සහාය වන බව ආර්තික විශ්ලෙශකයන්ගෙ අදහසයි.
සේවක විදේශ ආදායම්වල ඉහළම මූලාශ්‍ර අතර ශ්‍රේණිගත කර ඇති හෙයින්, ආර්ථික ස්ථාවරත්වය යතාවත් කිරීමට සහ තවදුරටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ගෙනයන අඛණ්ඩ උත්සාහයන්ට මෙම තත්වය සහායක වනු ඇති බවයි මෙම වාර්තාවන් පෙන්නා දෙන්නෙ.

දශක හතකට පමණ පසු ගිරිතලේ වැවේ වම් ඉවුරේ සංවර්ධන කටයුතු ආරම්භ වේ

දසක හතකට පමණ පසු ගිරිතලේ වැවේ වම්ඉවුර සංවර්ධන කටයුතු ආරම්බ කලා.
මෙය වාරි මහිම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද්දක්. ඒ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.ව්‍යාපතිය සඳහා රජය මඟින් රුපියල් මිලියන 65ක් වෙන් කර තිබෙනවා.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගොවි ව්‍යාපාර රැසක ගොවි ජනතාවට සෙත සැලසෙනවා.
වාරි මහිම වැඩසටහන යටතේ ගිරිතලේ වැවේ වම්ඉවුර සංවර්ධන වැඩසටහන අාරම්භක අවස්තාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා ප්‍රකාෂ කලෙ විපක්ශ නායක වරයා අනුන්ගෙ වැඩ තම්න්ගෙ කරගැනිමට දක්ශ බවයි.

සින්දූර් මෙහෙයුමේ දි පකිස්තානය පැය කිහිපයක් ඇතුළත දණ ගැස්වූවා

සින්දූර් මෙහෙයුමේ දි පකිස්තානය පැය කිහිපයක් ඇතුළත ඉන්දියාව දණ ගැස්වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.
එය ඉන්දියාවෙ වේගවත් සාර්ථකත්වය පෙන්න්නුම් කරන්නක් බවත් ඉන්දියාවේ නූතන හමුදා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් ලෙසත් ප්‍රකාශ කොට තිබුනා.
ඊයෙ පැවති ප්‍රසිද්ධ දේශනයකදී මෝදි ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම ඉන්දියාවේ උපායමාර්ගික විශිෂ්ටත්වය පෙන්නුම් කළ බවයි. ආරක්ෂක තාක්ෂණයන්හි ඉන්දියාවේ වර්ධනය වන ආත්ම විශ්වාසය සහ සන්නද්ධ හමුදාවන්හි තරුණයින් විසින් ඉටු කරන ලද තීරණාත්මක කාර්යභාරය අවධාරණය කල අගමැත්වරයා ප්‍රකාශ කලෙ, අවම බාහිර සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
“මෙම මෙහෙයුම අපගේ ශක්තිය පමණක් නොව, අපගේ දක්ෂතාවය පෙන්නුම් කලා මෝදි ඉන්දීය ජාතික රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදී ද පවසුවා.
මෙහෙයුම පිළිබඳ විස්තර රහසිගතව පවතීන , නමුත් ආරක්ෂක විශ්ලේෂකයින් සහ එය සම්බන්ධීකරණය කරන ලද පාර්ශවයන් ප්‍රකාශකරන්නෙ මෙය සාමුහික ප්‍රයත්නයක් බවයි. එ සදහා , සමහර විට සයිබර්, ඩ්‍රෝන් සහ ඉලක්ක ගත ගුවන් ප්‍රහාර ද ඇතුළත් විය .ආරක්ෂකශිත ඉන්දියාවක් යන තෙමාවෙ සාර්ථකත්වය අවධාරණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගත් අතර, දියුණු හමුදා දෘඩාංගවල දේශීය නිෂ්පාදනය වර්දනය ද පෙන්වා දුන්නා.
ඉන්දියාව සහ පකිස්ථානය අතර විරසකය ඉහළ මට්ටමක පවතින , නමුත් මේ අවස්ථාවේ දී එය තවදුරටත් උත්සන්න වීමක් අපේක්ෂා නොකරන බව නිලධාරීන් තහවුරු කරනවා. අගනුවර දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික සබදතා සක්‍රීයව පවතින බව ද ඔවුන් පෙන්නාදෙනවා.
ඉන්දියා-පකිස්ථාන ගැටුම යනු බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීමෙන් හා ජාතීන් දෙක නිර්මාණය කිරීමෙන් පසුව 1947 දී ආරම්භ වූ දිගුකාලීන හා සංකීර්ණ ආරවුලකි. ගැටුමේ හෙතුව වන්නෙ ජම්මු සහ කාශ්මීර භූමිය රටවල් දෙකට ම සම්පූර්ණයෙන්ම හිමිකම් ඇතියි දෙපාර්ශවයම විශ්වාශ කිරිමයි.

ජාතික කනිෂ්ඨ සහ ජේෂ්ඨ පිහිනුම් තරගාවලිය – ජාතික ශූරයා හේෂාන් ජාතික ශූරිය මිනාගි

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ සහ ජේෂ්ඨ පිහිනුම් තරගාවලිය දින තුනක් පුරා සුගතදාස පිහිණුම් තටාකයේදී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා පාසල් සහ ක්‍රීඩා සමාජ කණ්ඩායම් අසූවක් සහභාගී වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සියයක් එක් වී සිටියා. මෙහිදී කේවල තරග වාර්තා නමයක් සහ කණ්ඩායම් තරඟ වාර්තා නමයක් බිඳ හෙලමින් තරග වාර්තා අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
කාන්තා මීටර් 400 නිදහස්ආර ජාතික වාර්තාව අලුත් කිරීමට කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ මිනාගි රූපසිංහ සමත් වුණා. මීටර් 400 මිශ්‍රආර නව තරග වාර්තාවක් තැබීමටද ඇය සමත් වුණා. කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ රමුදි සමරකෝන් ඇයම වාර්තාකර තිබූ මීටර් 50 මිටර් 100 සහ දෙසීයය ජාතික වාර්තා බිඳ හෙලමින් මෙම තරගාවලියේ වාර්තා අලුත් කිරීමට සමත් වුණා.
පිරිමි මීටර් දෙසීය ළය ආර ජාතික වාර්තාව බිඳ හෙළීමට කිලර් වේල් ජල ක්‍රීඩා සංගමයේ ආසිෆ් ඉම්රාන් සමත් වුණා.
මීටර් දෙසීය පසු පස ආර තරඟයේ ජාතික කනිෂ්ඨ වාර්තාව අලුත් කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අකලංක නිසල් සමත් වුණා.
මීටර් දෙසීය ලයආර කනිෂ්ඨ පිරිමි තරගයේ නව තරග වාර්තා පිහිටුවීමට ශාන්ත පීතර විද්‍යාලයේ තරුක අශාන් සමත් වුණා. ජෙපාරි දුල පන්දන් පිහිනුම් සමාජයේ මෙගුමි කුලරත්න කනිෂ්ඨ මීටර් 200 සමනල ආර තරඟයේ නව වාර්තාවක් තැබීමට සමත් වුණා.
කනිෂ්ඨ දක්ෂතම පිහිනුම් ක්‍රීඩිකාවන් ලෙස කොළඹ මියුසියස් විද්‍යාලයේ රුෂාලි දිසානායක සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දිලූෂි දිල්හාරා ද පිහිනුම් ක්‍රීඩකයා ලෙස ගම්පහ ලයිසියම් විද්‍යාලයේ දුලක්ෂ ගනිඳු ශූරතා දිනාගනු ලැබුවා.
දක්ෂතම ජාතික පිහිනුම් ක්‍රීඩිකාව ලෙස කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ මිනාගි රූපසිංහ ශූරතාවය දිනා ගනු ලැබූ අතර ජාතික පිහිනුම් ශූරයා ලෙස කිලර් වේල් ජලක්‍රීඩා සමාජයේ හේෂාන් කරුණාරත්න ශූරතාවය දිනා ගනු ලැබුවා.
සමස්ත කනිෂ්ඨ බාලිකා ශූරතාවය ලකුණු 404 ලබාගත් කොළඹ මියුසියස් විද්‍යාලය දිනාගත් අතර
බාලක ශූරතාවය ලකුණු පන්සිය තිස් දෙකක් ලබාගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගනු ලැබුවා.
ජාතික කණ්ඩායම් ශූරතාවය කිලර් වේල් ජල ක්‍රීඩා සමාජය දිනාගනු ලැබූ අතර ඔවුන් ලකුණු 890 ක් ලබාගෙන සිටියා. සමස්ත කාන්තා ජාතික කණ්ඩායම් ශූරතාවයද ලකුණු 626 ක් ලබා ගනිමින් කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ දිනාගනු ලැබුවා.
ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්ද්‍රන් මහතා සහභාගි වී සිටි අතර
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ජාතික තරුණ සමළුව වසර 32 කට පසු හෙට කොළඹදී

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුනසේකර විසින් මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය

“දැන් සුන් බුන් විපක්ශයට නායකත්ව තරගයක් ඇවිත් තියෙනවා. රනිල් නින්දෙන් නැගිටලා ප්‍රකාශයක් නිකුත් කළා.

ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනාට උත්තර දෙන්න ඕනේ නෑ. නමුත් කාරණා කිහිපයක් අහන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ තමයි ජන අරගලය හයිජැක් කරලා ජනාධිපති වුණේ.

අපි එනකම් තරුණ සේවා සභාවේ ලේකම් වෙලා හිටියේ තරිදු නවීන් කියලා කෙනෙක්. එයා තමයි ගලගෙදර එක්සත් ජාතික පක්ෂ සංවිධායක. යෞවන සමාජ ලේකම් ලෙස කටයුතු කරද්දි ඔහුව ගලගෙදර සංවිධායක කරපු රනිල් දැන් කියනවා දේශපාලන කරන්න එපා කියලා.

සරණ සේවා සභාවේ තරුණයන්ට වියදම් කරන්න තිබ්බ මිලියන ගාණක් මුදල් තමන්ව පුම්බාගන්න පාවිච්චි කරපු රනිල් අද ඇවිල්ල කියනවා දේශපාලනීකරණය කරන්න එපා කියලා.

රනිල් පත්කරපු පසිඳු ගුණරත්න සභාපති ධූරයේ ඉද්දී රනිල්ට ඡන්දය දෙන්න කියලා තරුණ සේවා සභාවේ ළමයින්ව තරුණ සේවා සභාවට කැඳවලා කරපු යූත් සමිට් එකේ දී කියනවා.

හිටපු ඇමති රනිල්ව පුම්බන්න මිලියන ගාණක් වියදම් කරලා රට වටේ ශෝ ගැහුවා. රනිලා සජිත්ලා රාජපක්ෂලා කරපු දූෂණ වංචා එළියට එද්දී තමන් වෙත එන නීතිය වෙනත් පැත්තකට යොමු කරන්න දහංගැට දානවා.

අවුරුදු 32න් ජාතික සමුළුවක් කරලා නෑ. අපි හදන්නේ මේ රටේ පොදු තරුණයාට තරුණියට එකතු වෙන්න තැනක් ගොඩනගන්න. රටේ අනාගතයට ගැලපෙන තරුණයෙක් තරුණියක් ගොඩනඟන වැඩපිළිවෙළ තමයි අපි මේ හරහා කරන්නේ.

දැන් සුන්බුන් විපක්ෂයට විපක්ෂ නායක කෙනෙක් ඕන වෙලා තියෙනවා. රනිල් විපක්ෂ නායක වීමේ අරමුණෙන් තමයි මේ දේවල් කරන්නේ.”

ජාත්‍යන්තර සංචාරක රෑ රැජින ආධිත්‍යා වැලිවත්ත යලි දිවයිනට

පිලිපීනයේ පැවති ” මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025 ” ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ” ජාත්‍යන්තර සංචාරක රූ රැජින 
( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගෙන 08/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර පවත්වා තිබූණි .

ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic  යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වී සිටියාය .

ආදිත්‍යා වැලිවත්ත ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ප්‍රකට ගායිකාවකි .

යොවාන් ඩේවිඩ් ෆෝමියුලා ධාවන තරඟයකට සුදුසුකම් ලත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි.

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය විසින් සංවිධාන කරන ෆෝමියුලා ධාවන තරඟයක තුන්වන අදියර නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත් වීමට යොවාන් ඩේවිඩ් සමත් වුණා.  

18 හැවිරිදි යෛාහාන් ඩේවිඩ් මේ වන විට යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලියට තරඟ වැදී සිව්වරක් ජයග්‍රහණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. සිය මව්බිම නියෝජනය කරමින් මෙම තරඟයට එක් වූ පළමුවැන්නා වීම පිළිබඳව ආඩම්බර වන බවත් යොවාන් ඩේවිඩ් කියා සිටියා. 

අමෙරිකාවේ නිව්යෝක් නගරයේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් රෝහල්ගත කළ අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.