Hot News

මාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස…

Hot News

උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක්

ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී…

Hot News

“යුක්රේන අර්බුදය විසඳීම සඳහා කල් පවතින සාමයක්”සඳහා ට්‍රම්ප් – පුටින් හමුවේ.

ඇලස්කාවේ වේලාවෙන් අද පෙ.ව. 11 ට ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ කඳවුරේදී ට්‍රම්ප්-පුටින් හමුව පැවැත්වීමට දෙපාර්ශවය…

Hot News

නොවිසදුන අර්බුද මැද ඉන්දියාව සහ පකිස්ථානය නිදහස් දින සමරයි.

) ඉන්දිය පකිස්තාන නොවිසදුන දිගුකාලීන අර්බුද මැද ඉන්දියාව සහ පකිස්ථානය ඔවුන්ගේ නිදහස් දිනයන් සමරනු ලැබුවා.පාකිස්තානය…

මාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර මිය යන විට ඔහු 58 වන වියේ පසු වුණා.


රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම සදහා මහනුවර ජනතාව මේ වන විටත් පැමිණෙමින් සිටින අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ,ව්‍යාපාරිකයින් සහ සමාජ ක්‍රියාකාරින් ද ඒ අතර වනවා.


දේහය පිළිබද අවසන් කටයුතු හෙට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ, 2010 වසරේදී පර්ලිමේන්තුවට තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසින්.


2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වු ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරුවා. 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.


ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දැරු අතර 2024වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වුවා.


දේහය පිළිබද අවසන් කටයුතු හෙට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක්

ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, 160 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බව ඉන්දිය මාධ්‍ය වර්තා කරනු ලැබුවා.


බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ඇසෑම් ඇතුළු ප්‍රාන්ත වඩාත් බලපෑමට ලක් වූ ඒවා අතර වන අතර, ගංගා සහ බ්‍රහ්මපුත්‍ර වැනි ගංගා උතුරා යමින් තිබෙනවා. ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් දියත් කර ඇති අතර, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය සහ ප්‍රාදේශීය ආපදා කණ්ඩායම් යොදවා අවතැන්වු පදිංචිකරුවන් ඉවත් කරමින් සිටිනවා. . මහාමාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර , දුම්රිය සේවා අඩාල වී, දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇනහිටීම් ද වාර්තාවෙනවා.
ඇසෑම් හි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් 200,000 කට අධික පිරිසක් තාවකාලික සහන කඳවුරුවලට යොමු කර ඇති අතර, බිහාර් හි අධික වර්ෂාපතනය හේතුවෙන් බැමි කැඩී ගොස්, ගොවිබිම් සහ ජනාවස ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි වාර්තාවන්නෙ.
බලපෑමට ලක් වූ ප්‍රදේශවල ඉදිරි පැය 48 තුළ තවදුරටත් අධික වර්ෂාපතනයක්ඇතිවිය හැකිබව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කඳුකර ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවට අනතුරු අඟවවනවා.
ප්‍රාන්ත ආණ්ඩු පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ උස් බිම්වලට යන ලෙසත්, ගංවතුරෙන් යට වූ මාර්ග හරහා යාමෙන් වළකින ලෙසත්ය.

අගෝස්තු මස අස්වැසුම ප්‍රතිලාභ දීමනාව ගිණුම් වලට.

අගොස්තු මස අස්වැසුම ප්‍රතිලාබ දීමනාව ප්‍රතිලාබින්ගෙ ගිනුම්වලට අද දින බැර කිරිම අද සිදු කරන බව සුබසාදන ප්‍රතිලාභ මන්ඩලය ප්‍රකාශ කරනවා.

මෙ අනුව බිලියන එකොලහකට අදික මුදලක් මෙ සදහා වැයවන අතර ලක්ශ 14 කට වැඩි පිරිසක් අස්වැසුම ප්‍රතිලාබින් වි සිටිනවා.
ඊට අදාල මුදල් සිය අස්වැසුම ගිනුමෙන් අද දින සිට ලබා ගත හැකි බවයි සුබසාදන ප්‍රතිලාබ මන්ඩලය පවසන්නේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දිවි ගමනට සමුදෙයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.
මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

යාපනය ආර්ථික මධ්‍යස්ථානයේ අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාව

රුපියල් මිලියන 291ක වියදමක් දරා 2018 වසරේ ආරම්භ කරන ලද, මේ දක්වා කිසිදු ආකාරයක ප්‍රයෝජනයක් නොගත් උතුරේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙත රජයේ අවදානය යොමුවි තිබෙනවා.
ඒ අනුව මේ වන තුරු කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති මෙම ආර්ථික මධ්‍යස්ථාන සියල්ල නවීකරණය කොට සක්‍රීය ආර්ථික මධ්‍යස්ථානයන් ලෙස ලබන සැප්තැම්බර් මස සිට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙ බව ප්‍රකාශ කලේ එහි නිරික්ශන චාරිකාවක්ට එක්වු වාණජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින්.
ඊට අමතරව උතුරු පළාත තුල ඇති ආර්ථික මධ්‍යස්ථාන සහ සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ අනෙකුත් ආයතන නිරීක්ශනයට ද අමාත්‍යවරයා සහභාගී වී තිබෙනවා.

රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වැය කොට නිසි ස්ථානීය සැලැස්මක් රහිතව ඉදි කර ඇති යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පළමුව නිරීක්‍ෂණය කළ අතර එය වෙළෙඳ සැල් 20කින් සමන්විත මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබෙනවා.
මේ සම්බන්ධව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමේදී වැඩිදුරටත් සාකාච්ඡාවට ලක් වූ අතර, ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ඇති බාධාවන් සහ අභියෝග පිළිබඳව එහිදී අවධානය යොමු වුණා.
ඉන් පසු කිලිනොච්චිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කල අමාත්‍යවරයා,
වෙළෙඳ සැල් 40ක ප්‍රමාණයක් සහිත මෙම කිලිනොච්චිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී ජල පහසුකම්, ප්‍රවාහන පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, බැංකු කටයුතු වැනි තවත් අවශ්‍ය සියලු පහසුකම් සැපයීමත් ඒ හා සම්බන්ද ගැටලු සහ අභියෝග පිළිබඳව හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබා දීමත් සිදු වුණා.
ආර්ථික මධ්‍යස්ථානය තුළ වසා දමා ඇති වෙළෙඳ සැල් විවෘත කිරීමට ආදාල කටයුතු පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයට ලක් ව තිබෙනවා.
වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කර තිබෙන අතර ජලය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, අරක්ෂාව සහ මෙහි විදුලි පද්ධතිය නවීකරණය කොට ඉතා ඉක්මනින් වැඩ කටයුතු අවසන් කිරීම සඳහා අමාත්‍ය වරයා විසින් අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍යංශයට

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, ක්‍රීඩා අමාත්‍යංශයේ දී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවුණා.
2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත Olympic තරඟාවලියට ඉදිරිපත් වීමට සිටින රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට අමාත්‍යංශයක් ලෙස අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.


මෙම අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න පැවසුවේ, මීටර් 86 යි 50 ක දුරකට හෙල්ල විසි කිරීමෙන් ලෝකයෙන්ම හත්වන ස්ථානයේ රැඳී සිටින රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළ සුරක්ෂිතව රඳවා ගැනීමට අවශ්‍ය සියලු මැදිහත් වීම සිදු කරන බවයි.
ඉදිරියේදී විදෙස් පුහුණුකරුවන්ගේ දැනුම රැගෙන මෙරට පුහුණුකරුවන් දැනුවත් කිරීම හරහා ආසියාතික, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ olympic ආදී තරඟ සඳහා සහභාගී වීමට එම නව තාක්ෂණික ක්‍රමවේද වල අද්දැකීම ලබා තිබීම අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ආයෝජනයක් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙම අවස්ථාවට සහභාගී වූ එම්. අස්කර් අලි විසින් රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම ද මෙහිදී සිදු වුණා.

“යුක්රේන අර්බුදය විසඳීම සඳහා කල් පවතින සාමයක්”සඳහා ට්‍රම්ප් – පුටින් හමුවේ.

ඇලස්කාවේ වේලාවෙන් අද පෙ.ව. 11 ට ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ කඳවුරේදී ට්‍රම්ප්-පුටින් හමුව පැවැත්වීමට දෙපාර්ශවය සුදානම්ව සිටිනවා.
“යුක්රේන අර්බුදය විසඳීම සඳහා කල් පවතින සාමයක්” අත්කර ගැනීම මෙම හමුවෙ අරමුනයි.


ඇන්කරේජ් නගරාධිපතිනිය ප්‍රකාශකලෙ මෙම හමුව ගැන ඇය දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා පමණක් බවයි .ඇන්කරේජ් හි සමුළුව ආසන්න මොහොතෙ , රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉතා නම්‍ය සිලිබවක් පලකරමින් – ට්‍රම්ප්ගේ සාම උත්සාහයන් ප්‍රශංසාවට ලක් කලා.
එමෙන්ම උපායමාර්ගිකව සිදුකෙරෙන න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ සාකච්ඡා ඇතුළුව දිගුකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම පිළිබඳ ශුභවාදී අදහස් පලකර තිබුනා. මෙ අතර , ට්‍රම්ප් ප්‍රකාශකර තිබුනෙ මෙය “සවන් දීමේ අභ්‍යාසයක ආරම්බයක් ලෙසයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට මෙම හමුවට ආරාධනා කර නොතිබුනි. කෙසේ වෙතත්, ට්‍රම්ප් සහ පුටින් යන දෙදෙනාම ඉදිරියෙදි යුක්රේන ජනාධිපති සහ සමහර විට අනෙකුත් යුරෝපීය නායකයින් ඇතුළත් සාකච්ඡාවක් පවත්වනු ඇති බවට විශ්වාශය තබා තිබෙනවා
කෙසෙ වෙතත් ඩොන්බාස් වැනි ප්‍රදේශ ඇතුළුව බුමි හුවමාරු කිරීම් පිළිබඳ ඉඟි කරමින් ට්‍රම්ප් කළ පෙර ප්‍රකාශ අන්කුත් බටහිර ජාතින් භිතියට පත්කර තිබෙනවා.
යුක්රේනයේ සහ රුසියාවෙ පූර්ණ සහභාගීත්වයෙන් තොරව සිදු කෙරෙන ඕනෑම ගිවිසුමකට සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් දැඩි ලෙස විරුද්ධවනු වනු ඇති බවට දැනටමත් ප්‍රකාශවි   තිබෙනවා.

ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කරනවා

ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක ප්‍රකාශකරනවා.
සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් ඊයෙ කොලබ දි පැවති විශේෂ වැඩසටහනක දි මෙම අදහස් පල කර තිබුනා.


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත් වුනා.
ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය.
ඒ සඳහා ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කෙරුනා.
පර්යේෂණ සහ සංවර්ධන සංස්කෘතියක් පෝෂණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව ශක්තිමත් නව්‍යකරණ පරිසර පද්ධතියක් ගොඩනැගීමත් පර්යේෂණ, තාක්ෂණය, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණ මුල් කර ගත් ආර්ථිකයක් කරා මෙරට මෙහෙයවීම පිණිස වූ රජයේ කැපවීම මෙමගින් පිළිබිඹු වනවා.
මෙම රැස්වීම සදහා අවශ්‍ය දත්තවල ප්‍රධාන භාරකරුවන් වන ප්‍රධාන අමාත්‍යාංශ, ජාතික ආයතන, විශ්ව විද්‍යාල සහ ප්‍රමුඛ පෞද්ගලික අංශයේ නියෝජිත ප්‍රධානීහු රැසක් එක්ව සිටියා.
සමාරම්භක සැසියෙන් පසුව, ශ්‍රී ලංකාවේ නව්‍යකරණ විභවය ගෝලීය වේදිකාවේ නිවැරදිව නිරූපණය වන බව සහතික කරමින්, දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම සඳහා තිරසාර ජාතික යාන්ත්‍රණයක් සිතියම්ගත කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රියාකාරී සැසියක්ද පවත්වා තිබුනා.
නව්‍යකරණය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් පමණක් නොව ජාතික ප්‍රගතියේ ප්‍රායෝගික ධාවකයක් බවට පත් කිරීමට රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු කෙරෙනවා.

සහල් වෙළදපොලේ ගැටළුවක් නැහැ – අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි

කීරි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසවා.
ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි අමත්‍යවරයා සදහන්කළේ.


අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලා.
“සහල් වෙළෙඳපොළේ ගැටළුව වී ඇත්තේ කීරි සම්බාවල බවත් ඒ අනුව ආනයනයට තීරණය කර ඇත්තේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් පමනක් බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
නමුත් ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නැත්තේ යල කන්නයේ අස්වනු කැපෙන නිසා බවද වසන්ත සමර සිංහ ප්‍රකාශ කළා. කෙසේවෙතත් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න උත්සහයක් කරන්නේනම් කීරි සම්බා ආදේශන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට තීරණය කර තිබෙන බවත් එය තවමත් ක්‍රියාත්මක කර නෙමැති බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
පොළොන්නරුවේ ගබඩාවල කිරී සම්බා පමණක් මෙට්‍රික් ටොන් 85,000ක් තිබෙන අතර එම වී වෙළද පොළට නිකුත් කළ හොත් ගැටළුවක් නොවන බවත් එසේ නොමැතිනම් කීරි සම්බා අනයනය කීරීමට සිදුවන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාෂ කළේ.
අනෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍ය තාවක් නොමැති බවත් යල කන්නයේ වී අස්වැන්න පසුලිය කන්නයට වඩා වැඩි වී ඇති අතර වගාකළ ප්‍රමාණය හෙක්ටයාර 80,000කින් ඉහලගොස් ආති බවත් ඒ හේතුවෙන් සහල් මිල රුපියල් 230ට අඩුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති බවත් වසන්ත සමරසිංහ අමාත්්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

නොවිසදුන අර්බුද මැද ඉන්දියාව සහ පකිස්ථානය නිදහස් දින සමරයි.

) ඉන්දිය පකිස්තාන

නොවිසදුන දිගුකාලීන අර්බුද මැද ඉන්දියාව සහ පකිස්ථානය ඔවුන්ගේ නිදහස් දිනයන් සමරනු ලැබුවා.
පාකිස්තානය ඊයෙ සිය ජාතික දිනය සැමරු ඇතර අද ඉන්දියාව අභිමාන වත් ලෙස සිය ජාතික දිනය අද සමරනු ලබුවා.


නවදිල්ලියේදී, අගමැති නරේන්ද්‍ර මෝදි ඓතිහාසික රතු කොටුවේ සිට ජාතිය අමතමින් ජාතික එකමුතුකම, ආර්ථික වර්ධනය සහ තාක්ෂණික ප්‍රගතිය අවධාරණය කරමින් අදහස් ප්‍රකාශ කලා. 78 වන නිදහස් දින සැමරුමට සුවිසල් හමුදා පෙළපාළියක්, සංස්කෘතික රංගනයන් ඇතුලත්ව තිබුනා . සින්ඩුර් ගැටුම් වලට එක්වු හමුදා සෙබලුන්ට උපහාර දැක්වීමක් ද සිදුවුනා .මෝඩි ඉන්දියාවේ ගෝලීය අභිලාෂයන් ඉස්මතු කරමින් ප්‍රකාශ කලෙ
“ඉන්දියාව නවෝත්පාදනය, සාමය සහ ඔරොත්තු දීමේ හැකියාව තුලින් ලෝකය ඉදිරියට යනු ඇති බවත් අපගේ අනාගතය අපගේ ධෛර්යය තරම්ම අසීමිත ,බවත් ඔහු ප්‍රකාශකලා .


පකිස්ථානය සුපුරුදු පරිදි නිදහාස්දින සැමරුම ඇභිමානවත් ලෙස පැවැත්වුවා. ධජය එසවීමේ උත්සව, දේශප්‍රේමී ගීත සහ ගිනිකෙළි ඊට ඇතුලත්. ඉස්ලාමාබාද්හි, ජින්නා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දේශනය අතරතුර අගමැති ෂෙබාස් ෂරීෆ් ජාතික සමගිය සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් හි ඇවශ්‍යතාව ව අවදාරනය කලා. ඔහු කාශ්මීර ගැටලුව පිළිබඳව අවදානය යොමු කරමින් ඔහු ප්‍රකාශකලෙ :

“කාශ්මීර ජනතාවගේ අරගලය පකිස්ථානයේ හදවතට සමීපව පවතින්නක් බවයි. එහිදි කලාපයේ සාමය සහ යුක්තිය සමඟ එය් ඉදිරියට යායුතු බවත් අවදාරනය කලා.