Hot News

මැදපෙරදිග වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සදහා රජය සෘජුව මැදිහත් වෙයි

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය…

Hot News

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රංශයේ ජනපති පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර ඇති…

ජනාධිපති අරමුදල උසස් පෙළ විශිෂ්ටයන් අගයයි

2023/2024  අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක්වූ සිසුන්ට පලාත් මට්ටමෙන් මූල්‍ය  ශිෂ්‍යත්ව සහ  සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් සංවිධානය කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගෙන විශිෂ්ටයන් තෝරාගනු ලබයි.  එහිදී එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගැනීම් සිදුකරයි.

පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස උතුරු පළාතේ 2023 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ  ඇගයීමට ලක් කිරීම ජූනි 22 කිලිනොච්චියේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවට අනන්‍ය ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ දී

ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක හඳුනා ගනිමින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම සදහා නව ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.


ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයෙහි සමස්ත තත්වය නිවැරදිව පිළිබිබු නොවීමත් පවතින දත්ත ප්‍රමාණවත් හා නිර්වද්‍ය නොවීමත් නිසා මෙම තීරණය ගෙන ඇත.


“ශ්‍රී ලංකාවට සුදුසු ආහාර සුරක්ෂිතතා දර්ශකයක් හඳුනා ගැනීම හා උපායමාර්ග සැලැස්මක් සම්පාදනය කිරීම” යන අරමුණෙන් මෙම වැඩමුළුව කොළඹ සිටි සෙන්ටර්හිදී අද (17) පෙරවරුවේ පැවැත්වුනා.


ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ සහයෝගිතාවයෙන් ආහාර සුරක්ෂිතතා විද්වත් කමිටුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා.


ආහාර සුරක්ෂිතතාවෙහි මූලික සංරචක වන, සුලභතාව, ප්‍රවේශය, භාවිතය හා ස්ථාවරය යන අංශ ඔස්සේ ආහාර සුරක්ෂිතතාවෙහි දිශානතිය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුවේදී අවධානය යොමු කර තිබෙනවා.

ඊශ්‍රායල-ඉරාන ගැටුමේ නවතම තත්ත්වය

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම දිනෙන් දින උග අතට හැරෙමින් පස්වන දිනට පිවිසෙන විට මැද පෙරදිග මෑත මාතකාලයෙ එහි දරුණුතම ට්ත්න්නත්වීට්කතවට පැමිනතිබෙ පවතින එදිරි වාදිකම් ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව තිබෙ.
ඊශ්‍රායලය න්‍යෂ්ටික සහ හමුදා මුලස්තාන ඉලක්ක කර ගනිමින් ඉරාන භූමියට මහා පරිමාණ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. මෙය ඉරාන-ඉරාක යුද්ධයෙන් පසු ඉරානයට එල්ල වූ වඩාත්ම ප්‍රබල ප්‍රහාරයක් ලෙස සනිටුහන් වන අතර එය පුළුල් කලාපීය ගැටුමක් පිළිබඳ බිය මතු කරරණ බව විදේශ මාධ්‍ය වාර්තාකරයි.
ඊට පළිගැනීමක් ලෙස, ඉරාන හමුදා ඊශ්‍රායල ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් ප්‍රධාන තෙල් පිරිපහදුවක් ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්තාන විනාශකර තිබේ . මෙම ප්‍රහාර හේතුවෙන් කලාපයේ යටිතල පහසුකම් සැලකිය යුතු හානියක් සිදුවී ඇති අතර බලශක්ති සැපයුම් කඩාකප්පල් වී ඇත.

ප්‍රචණ්ඩත්වය නැවැත්වීමේ උත්සාහයක් ලෙස, ඉරානය ගල්ෆ් රාජ්‍යයන්ගෙන් මැදිහත් වීමක් ඉල්ලා ඇති අතර, සටන් විරාමයක් සාකච්ඡා කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා නැවත විවෘත කිරීමට සහාය ඉල්ලා සිටී. ඕමානය සටන් විරාම යෝජනාවක් කෙටුම්පත් කර ඇති බව වාර්තා වන අතර, ගල්ෆ් රාජ්‍යයන් සාමය සඳහා මැදිහත් වනලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සටන් විරාම යෝජනාවක් ඉදිරිපත්කර ඇති අතර එය උත්සන්න වන ගැටුම මධ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් බලාපොරොත්තු දල්වන්නක් බවට පත්වී තිබේ.
මෙම ගැටුම් නිසා සිවිල් වැසියන්ට දැඩි හානියක් සිදු කර ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජීවිත හානි සහ මහත් විනාශයක් වාර්තා වී ඇත. ගුවන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර අඛණ්ඩව සිදුවන බැවින් ඉරානයේ සහ ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනතාව මහත් අනතුරට මුහුණ දී සිටී. ජාත්‍යන්තර ප්‍රජාව අර්බුදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, දෙපාර්ශ්වයම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී. රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වුවහොත් තවදුරටත් ගැටුම් උත්සන්න වීමේ බිය සමඟ තත්වය අවිනිශ්චිතව පවතී.

මැදපෙරදිග වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සදහා රජය සෘජුව මැදිහත් වෙයි

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය සෘජු මැදිහත්වීම රජයක් වශයෙන් සිදුකරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය  අරුන් හේමචන්ද්‍ර පවසයි.

ඊශ්‍රායලයේ සිටින  20000 ක ශ්‍රි ලාංකික පිරිසක් හා දැනට ඇති තොරතුරු අනුව ඉරානයේ රැදී සිටින ලාංකිකයින් 20දෙනෙකු පමණ පිරිසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි ඔහු පවසන්නේ.

අදාළ රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු සොයාබලන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

“ ඊශ්‍රායලයේ සිටින තුවල ලැබූ ලාංකිකයින් දෙදෙනාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් මේ වන විට ලබාදී තිබෙනවා.

අපි දෙරටේම සිටින ශ්‍රි ලාංකිකයින්ට අවශ්‍ය ඕනෑම වේලාවක තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංක ඒ සඳහා හඳුන්වා දීලා තියෙනවා.

ලංකාවට නැවත ඒමට කිසියම් පුද්ගලයෙක් බලාපොරොත්තුව වනවා නම් ,ජොර්දානය හා ඊජිප්තුව හරහා ඊට අවස්ථාව ලබාදී තිබෙනවා.”

යම් කිසි පුද්ගලයෙකුට මෙරටට එන්න අවශ්‍ය නම් තානාපති කාර්යාලය හරහා ඊට අදාළ ඉල්ලීම සිදු කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

මංගල ටෙස්ට් වරම් ලබා ගත් තරිඳු බංගලාදේශයේ මුල්පෙල කඩුලු 2 ක් දවා ගනී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද මංගල ටෙස්ට් වරම් ලබා ගත් තරිඳු රත්නායක බංගලාදේශයේ මුල්පෙල කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුනා. ඒ මොමිනුල් හක් සහ ෂඩ්මන් ඉස්ලාම් ගේ කඩුලුයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී ආරම්භ වුනා.
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට බංගලාදේශයේ මුල් කඩුලු 3 ලකුනු 90 ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබෙනවා.
මෙම තරගාවලිය 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟාවලියයි.
මෙම ටෙස්ට් තරගයේ විශේෂත්වය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය මෙය වීමයි.
තරගයට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකේ නායකයන් අතර මාධ්‍ය සාකච්ඡාව ඊයේ ගාල්ලේදී පැවැත් වුණා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ ඇන්ජලෝ මැතිව්ස්ට ජයග්‍රාහී සමුදීමක් ලබා දෙන බවයි. මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මාද ඇන්ජලෝ මැතිව්ස්ට සුබ පතා ඇත.
38 හැවිරිදි මැතිව්ස් 2009 ජූලි මාසයේදී පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය මංගල තරගයට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු මේ වනවිට තරග 118 කට ක්‍රීඩා කර ඇත.
ඔහු සිය වසර 16ක ක්‍රීඩා දිවිය තුළ ලකුණු 8,167ක් ලබාගෙන ඇති අතර එහි සාමාන්‍යය 44.62ක් වන අතර ටෙස්ට් කඩුලු 33ක් දවාගෙන තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් G7 සමුළුව නිමවීමට පෙර ආපසු යයි .

මැදපෙරදිග ප්‍රදේශයේ පවතින ආතතීන් සැලකිල්ලට ගනිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීමේ සංචාරය 16වනදා රාත්‍රීයේ අවසන් කර ධවල මන්දිරයට ආපසු පැමිණෙන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් ඊයේ (16) Karoline Leavitt ප්‍රකාශ කර ඇත.

G7 සමුළුව අතරතුර, වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට මුහුණ දෙන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට ඇමරිකානු හමුදාව මැදිහත් වේද යන ප්‍රශ්නය මග හැරියේය. ඇමරිකාව ඊශ්‍රායලයට බුද්ධි සහාය ලබා දුන්නේ දැයි විමසූ විට, ඔහු එයට ද අපැහැදිලි ආකල්පයක් දැක්වීය.

ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවයට අනුව, 16 වනදා G7 සමුළුවේ ආරම්භක දිනයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායල-ඉරාන ගැටුම සමනය කිරීම සඳහා ඉල්ලා සිටින G7 ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීමට තම අකැමැත්ත ප්‍රකාශ කරතිබුනි . එය ඔහු සහ සමුළුවට සහභාගී වන සෙසු නායකයින් අතර මතභේදයට හේතු වී තිබේ.
-CGTN Sinhala

අයථා ලෙස වත්කම් ඉපයූ අසූ අට දෙනෙකුගේ රු. 408 කෝටියක් රාජසන්තකයි.

නීති විරෝධී ක්‍රියා ඔස්සේ වතකම් රැස් කරගෙන ඇති පුද්ගලයින් 88 දෙනෙකුගේ දේපල ක්‍රියා විරහිත කෙරේ.  එලෙස මේ වනවිට ක්‍රියා විරහිත කොට ඇති මුලු දේපල වල වටිනාකම රුපියල් හාරසිය අට කෝටි හැට තුන් ලක්ෂ තිස් දහසකට අධිකයි.

දේපල ක්‍රියා විරහිත කිරීම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය විසින් සිදු කරයි.

මත්ද්‍රව්‍ ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් ඇතුලු නීති විරෝධී ක්‍රියා මගින් වත්කම් රැස් කරගෙන ඇති පුද්ගලයින්ගේ දේපල මෙසේ ක්‍රියා විරහිත කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් මගින් දන්වයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රංශයේ ජනපති පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

“විශේෂයෙන් සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ පුළුල් සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා”

“ඇමරිකා එක්සත් ජනපදයට සටන් විරාමයක් ඇති කර ගත හැකි නම්, එය ඉතා හොඳ දෙයක් වන අතර ප්‍රංශය එයට සහාය දෙනවා ” මැක්‍රොන් සඳුදා (16) කැනඩාවේ කනනාස්කිස් හි පැවති G7 සමුළුවේදී මාධ්‍ය වෙත පැවසීය.

“බලශක්ති, පරිපාලන සහ යටිතල පහසුකම්වලට එරෙහිව සහ ඊටත් වඩා සිවිල් ජනතාවට එරෙහිව දෙපැත්තෙන්ම එල්ල වන සියලුම ප්‍රහාර නතර කිරීම අත්‍යවශ්‍යයි” ඔහු තවදුරටත් පවසා ඇත.

මුහුදු බත් වූ නෞකාවෙන් ශ්‍රී ලංකාවට තවත් බලපෑම්.

ඉන්දියාවේ කේරල වෙරලට සැතපුම් 38ක් ඔබ්බෙන් අනතුරකට ලක් වී මුහුදු බත් වූ නෞකාවේ තිබූ අපද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයකට සමුද්‍ර දුෂණ සිද්ධීන් වාර්තාවේ.
මෙම නෞකාවේ රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් පබලු, බහාලුම් 643ක් සහ ඉන්ධන මෙට්‍රිරික් ටොන් 452ක් අන්තර්ගත විය.
අපද්‍රව්‍ය මගින් ලංකාවේ උතුරු හා බටහිර වෙරළට වන බලපෑම් පිළිබඳව පසුගියදා ඉන්දීය ආරක්ෂක බලකාය සහ ITOP ආයතන පුරෝකථනය කලා. ඒ අනුව ඩෙල්ප් දූපත, යාපනය හා මන්නාරම යන ප්‍රදේශ ප්ලාස්ටික් පබලු වලින් දූෂණය වීම ගැන වාර්තා වී තිබුණා.
සමුද්‍ර දූෂණය අවම කිරීමට සමුද්‍රා ආරක්ෂණඅධිකාරිය , ත්‍රිවිධ හමුදාව සමග පවිත්‍රතා මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

අද වෙළෙද පොළෙන්