Hot News

ශ්‍රී ලංකාවේ 2025-2035 දස අවුරුදු ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනයට විශේෂ විද්වත් කතිකාවතක්.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික…

“අඛණ්ඩ අභියෝග මධ්‍යයේ වුවද 2025 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5% වනු ඇතිබව ලෝක බැංකුව කියයි.

දිගු කාලීන ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද,ශ්‍රී ලංකාවේ 3.5% ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම්කරනබව 2025 ජනවාරි…

Hot News

ඉන්දු පකිස්තාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මතය මධ්‍යස්ථ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉන්දු පකිස්ථාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ…

Foreign NewsHot News

ඉන්දු-පකිස්තාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනපති වෑන්ස් පවසයි

ඉන්දු-පකිස්ථාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් පවසා සිටියා.…

Foreign NewsHot News

පකිස්තාන ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩලීමට හැකිවූ බව ඉන්දීය හමුදාව පවසයි

ඊයේ රාත්‍රී 11.20 ට පමණ පකිස්තානය විසින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ඩ්‍රෝනයානා සහ යුද…

ශ්‍රී ලංකාවේ 2025-2035 දස අවුරුදු ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනයට විශේෂ විද්වත් කතිකාවතක්.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සදහා සෞඛ්‍ය අංශයේ මෙන්ම අනෙකුත් අංශවල විද්වතුන්ගේ විද්වත් අදහස් ලබා ගැනීමේ අරමුණින් විශේෂ විද්වත් කතිකාවතක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම ඉදිරි දසවසරක කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී පුළුල්ව සලකා බැලීමට ද නියමිත ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලසුම් අංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකය මගින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සිදුකරන අතර, නිවාරණ සේවා, රෝග නිවාරණ සේවා, පුනරුත්ථාපන සේවා, සෞඛ්‍ය පරිපාලනය සහ සෞඛ්‍ය මානව සම්පත් ඇතුළු සියලු අංශයන් ආවරණය වන පරිදි ඉදිරි වසර දහය සදහා යෝජිත මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට නියමිතය.

අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කාර්යයේ දී අවශ්‍ය නායකත්වය මෙන්ම මඟපෙන්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් ලබා දෙනු ලබයි.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දෙන ලද්දේ 2025 වසරේ සිට 2035 වසර දක්වා වු ඉදිරි වසර 10 සදහා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය පිළිබඳ සැලසුම් කිරීමට අදාළ ව මුලික විද්වත් කතිකා අද දින සිදු කරන බවත්, එහිදී සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රතිපත්ති, වැඩපිළිවෙල, ඉලක්කයන් කෙසේ සකස් විය යුතු ද යන්න සාකච්ඡාවට බදුන්වන බව ද පැවසීය. මෙම සැලසුම් සකස් කිරීමේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුළත් කරුණු ද ඉවහල් කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි අභියෝගයන්, නව ගෝලීය සහ දේශීය තත්ත්වයන් අධ්‍යයනය කරමින් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරෙන බව ද පැවසීය.

මෙම කටයුත්ත ජාතික වැදගත්කමකින් යුක්ත වන බවත්, සෞඛ්‍ය යනු මානව අයිතියක් පමණක් නොව, සමාජ සහජීවනය, ආර්ථික සමෘද්ධිය සහ දිගුකාලීන ජාතික සංවර්ධනය සඳහා වූ පදනමක් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා සියලුම පුරවැසියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජයට වගකීමක් ඇති බව ද පැවසීය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ප්‍රජා මට්ටමේ සේවාවන් පුළුල් කිරීම මෙහිදී ප්‍රමුඛ වන බවත්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම මෙමගින් සහතික කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනතාවට වඩා විධිමත් හා සමානාත්මතාවයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ මානව, මූල්‍ය සහ භෞතික සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට සැලසුම් සකස් කිරීම සහ ගෝලීය වශයෙන් වැදගත් දීර්ඝ කාලීන සෞඛ්‍ය අරමුණු සාර්ථකව ළඟා කර ගැනීම ප්‍රමුඛ කර ගනිමින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලබයි.

ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව, බෝවන හා බෝනොවන රෝග මර්දන වැඩසටහන් විධිමත් හා කාර්යක්ෂම වීම, සෞඛ්‍යය ප්‍රවර්ධනය වැඩිදියුණු වීම සහ සෞඛ්‍ය සඳහා වැය වන පුද්ගලික වියදම් අඩු වීම මෙම නව සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් ලැබෙන මෙරට ජනතාවට මූලික ප්‍රතිලාභ වේ.\

දේශපාලන නායකත්වය, සෞඛ්‍ය සඳහා දායකත්වය සපයන ගෝලීය ආයතන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, අනෙකුත් අමාත්‍යංශ වල නිලධාරීන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හා පර්යේෂකයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විවිධ නිලධාරීන් හා වෘත්තීය සංගම් සහ ප්‍රජා සේවා සංවිධාන නියෝජිතයන් මෙහි දී තම විද්වත් අදහස් මෙන්ම යෝජනාවන් ඉදිරිපත් කරන ලදී.

මෙහි දී ලබා ගන්නා සියලු අදහස් යෝජනාවන් සියල්ල කැටිකොට අනාගත සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් වඩාත් ඵලදායී සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින්, සෞඛ්‍ය සදහා දායකත්වය සපයන ගෝලීය ආයතන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පර්යේෂකයින්, ප්‍රජා සේවා සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ

ශ්‍රී ලංකාවේ 2025-2035 දස අවුරුදු ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනයට විශේෂ විද්වත් කතිකාවතක්.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සදහා සෞඛ්‍ය අංශයේ මෙන්ම අනෙකුත් අංශවල විද්වතුන්ගේ විද්වත් අදහස් ලබා ගැනීමේ අරමුණින් විශේෂ විද්වත් කතිකාවතක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම ඉදිරි දසවසරක කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී පුළුල්ව සලකා බැලීමට ද නියමිත ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලසුම් අංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකය මගින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සිදුකරන අතර, නිවාරණ සේවා, රෝග නිවාරණ සේවා, පුනරුත්ථාපන සේවා, සෞඛ්‍ය පරිපාලනය සහ සෞඛ්‍ය මානව සම්පත් ඇතුළු සියලු අංශයන් ආවරණය වන පරිදි ඉදිරි වසර දහය සදහා යෝජිත මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට නියමිතය.

අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කාර්යයේ දී අවශ්‍ය නායකත්වය මෙන්ම මඟපෙන්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් ලබා දෙනු ලබයි.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දෙන ලද්දේ 2025 වසරේ සිට 2035 වසර දක්වා වු ඉදිරි වසර 10 සදහා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය පිළිබඳ සැලසුම් කිරීමට අදාළ ව මුලික විද්වත් කතිකා අද දින සිදු කරන බවත්, එහිදී සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රතිපත්ති, වැඩපිළිවෙල, ඉලක්කයන් කෙසේ සකස් විය යුතු ද යන්න සාකච්ඡාවට බදුන්වන බව ද පැවසීය. මෙම සැලසුම් සකස් කිරීමේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුළත් කරුණු ද ඉවහල් කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි අභියෝගයන්, නව ගෝලීය සහ දේශීය තත්ත්වයන් අධ්‍යයනය කරමින් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරෙන බව ද පැවසීය.

මෙම කටයුත්ත ජාතික වැදගත්කමකින් යුක්ත වන බවත්, සෞඛ්‍ය යනු මානව අයිතියක් පමණක් නොව, සමාජ සහජීවනය, ආර්ථික සමෘද්ධිය සහ දිගුකාලීන ජාතික සංවර්ධනය සඳහා වූ පදනමක් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා සියලුම පුරවැසියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජයට වගකීමක් ඇති බව ද පැවසීය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ප්‍රජා මට්ටමේ සේවාවන් පුළුල් කිරීම මෙහිදී ප්‍රමුඛ වන බවත්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම මෙමගින් සහතික කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනතාවට වඩා විධිමත් හා සමානාත්මතාවයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ මානව, මූල්‍ය සහ භෞතික සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට සැලසුම් සකස් කිරීම සහ ගෝලීය වශයෙන් වැදගත් දීර්ඝ කාලීන සෞඛ්‍ය අරමුණු සාර්ථකව ළඟා කර ගැනීම ප්‍රමුඛ කර ගනිමින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලබයි.

ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව, බෝවන හා බෝනොවන රෝග මර්දන වැඩසටහන් විධිමත් හා කාර්යක්ෂම වීම, සෞඛ්‍යය ප්‍රවර්ධනය වැඩිදියුණු වීම සහ සෞඛ්‍ය සඳහා වැය වන පුද්ගලික වියදම් අඩු වීම මෙම නව සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් ලැබෙන මෙරට ජනතාවට මූලික ප්‍රතිලාභ වේ.

දේශපාලන නායකත්වය, සෞඛ්‍ය සඳහා දායකත්වය සපයන ගෝලීය ආයතන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, අනෙකුත් අමාත්‍යංශ වල නිලධාරීන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හා පර්යේෂකයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විවිධ නිලධාරීන් හා වෘත්තීය සංගම් සහ ප්‍රජා සේවා සංවිධාන නියෝජිතයන් මෙහි දී තම විද්වත් අදහස් මෙන්ම යෝජනාවන් ඉදිරිපත් කරන ලදී.

මෙහි දී ලබා ගන්නා සියලු අදහස් යෝජනාවන් සියල්ල කැටිකොට අනාගත සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් වඩාත් ඵලදායී සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින්, සෞඛ්‍ය සදහා දායකත්වය සපයන ගෝලීය ආයතන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පර්යේෂකයින්, ප්‍රජා සේවා සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

පකිස්ථානය සිය ඉහළම න්‍යෂ්ටික ආයතනය කැඳවයි

යුදමය ගැටුම් හමුවේ පකිස්ථානය සිය ඉහළම න්‍යෂ්ටික ආයතනය කැඳවා ඇති අතර, එ කෙරෙහි න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වයක් පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ .එම තත්වයන් අවධානයට යොමුකරමින් එක්සත් ජනපදය, G7 රටවල් සහ ඉරානය ඇතුළු ගෝලීය බලවතුන් ඉන්දියාව සහ පකිස්ථානය යන දෙඅංශයෙන්ම ඉල්ලාසිටින්නේ සංයමයෙන් කටයුතු කරන ලෙසත්, තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා සංවාදයක යෙදෙන ලෙසත්ය

පකිස්තානුවන්ගේ X ගිණුම් (කලින් ට්විටර්) 8000 ක් තහනම්

පකිස්ථාන දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ඉන්දියාවේ සිට ක්‍රියාත්මක මාජ මාධ්‍ය ගිණුම් 8,000 කට අධික සංඛ්‍යාවක් අවහිර කරන ලෙස ඉන්දීය රජය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X (කලින් ට්විටර්) වෙත නියෝග කර තිබේ. මෙම වාරණ නියෝගය පිළිබද කනස්සල්ල පලකරන X සමාජ මාධ්‍ය ජාලය පවතින තත්වයන් හමුවේ එම නියෝගයට අනුකූල වී තිබේ.

“අඛණ්ඩ අභියෝග මධ්‍යයේ වුවද 2025 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5% වනු ඇතිබව ලෝක බැංකුව කියයි.

දිගු කාලීන ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද,ශ්‍රී ලංකාවේ 3.5% ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම්කරනබව 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් වාර්තාවෙන් (World Bank’s Global Economic Prospects report ) අනාවරණය කරයි. නිදහසින් පසු රටේ පැ වතී දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබාදෙනලද ඩොලර් බිලියන 2.9 ක ඇපකරයේ ස්ථාවර බලපෑමට බොහෝ දුරට එයට හේතු විතිබේ .

ඊට අමතරව සංචාරක, කෘෂිකර්මාන්තය වැනි අංශ යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යතා තාවයට පැමිණීමේ සලකුණු පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, තවත් අභියෝග රැසක් ජයගැනීමට තිබෙන බවද මෙම වාර්තාව පෙන්වාදෙයි .
ප්‍රධාන බාහිර පීඩනයන්ගෙන් එකක් වන්නේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන කාණ්ඩ ඉලක්ක කරගත් එක්සත් ජනපද තීරුබදු නව ප්‍රති පත්තියයි . මෙම පියවර තීරණාත්මකව විදේශ විනිමය උපයිමේදී තර්ජනයක් වන අතර ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය සඳහාඑය බාදාවක් වී තිබේ .

අභ්‍යන්තරව, ජනතාව මුහුණදී ඇති ව්‍යුහාත්මක අභියෝග තවමත් පවතී .ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, දරිද්‍රතාවය 24.5% ලෙස ඉහළ මට්ටමක පවතින අතර, එයින් හෙළි වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තවමත් මූලික අවශ්‍යතා සදහා අරගල කරන බවයි. විශේෂයෙන් ආහාර උද්ධමනය සහ ඉන්ධන මිල හේතුවෙන් ජීවන වියදම ඉහළ මට්ටමක පවතී.

මෙම වාතාවරණය තුල ශ්‍රම සංක්‍රමණය ඊට මුහුණ දීමේ ප්‍රදාන උපාය මාර්ගයක් බවට පත්ව ඇත. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශගත වෙමින් සිටිති – ප්‍රධාන වශයෙන් මැදපෙරදිග, දකුණු කොරියාව සහ යුරෝපයට වෙත සංක්‍රමණය වන ශ්‍රමිකයන් උපයන විනිමය රටේ ආර්ථිකයන් පවත්වාගන යාමට සහ ජාතික ගෙවුම් ශේෂය ස්ථාවර කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.මේ තත්වයන් මධ්‍යයේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ අනාගත සංවර්ධනයට සහාය වීම සඳහා, ලෝක බැංකුව ඉදිරි වසර තුන තුළ ඩොලර් බිලියන 1 කට අධික ආධාරයක් ලබාදීමට පොරොන්දු වී ඇත.,
මෙහිදී බදු ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ දූෂණ විරෝධී පියවර ඇතුළුව අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම ලෝක බැංකුව සහ IMF දෙකම අවධාරණය කර ඇත.

ඉන්දු පකිස්තාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මතය මධ්‍යස්ථ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉන්දු පකිස්ථාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකුට ජීවිත අහිමි වූයේ පසුගිය අප්‍රේල් 22 වන දායි. එම ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයට පැවරූ ඉන්දියාව මැයි හත් වනදා පාකිස්තාන කාශ්මීරයේ ස්ථාන කිහිපයකට හදිසි ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කලා. එම මෙහෙයුම ඔවුන් හැඳින්වූයේ ඔපරේෂන් සින්දූර් ලෙසයි. එහිදී පාකිස්තානයේ ළමුන්ද ඇතුළුව පුද්ගලයින් තිස් එක් දෙනෙකු මිය ගියා. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දීය කාශ්මීරය වෙත ශෙල් ප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානය කටයුතු කළ අතර එහිදී සිදුවූ මරණ ගණන 15ක්. ඉන්දියාව විසින් පාකිස්තානයට එරෙහිව දියත් කල ඔපරේශන් සින්දූර් ප්‍රහාර මෙහෙයුමට ඊයේ රාත්‍රියේදී සහ අද උදෑසන පාකිස්තානය විසින්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඉන්දු-පකිස්තාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනපති වෑන්ස් පවසයි

ඉන්දු-පකිස්ථාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් පවසා සිටියා. එක්සත් ජනපදය ගැටුම් උත්සන්න වීම අඩු කිරීමට උත්සාහ කරන නමුත් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාටම අවි බිම තැබීමට බල කළ නොහැකි බව උප ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. ෆොක්ස් නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.

“අපගේ බලාපොරොත්තුව සහ අපේක්ෂාව වන්නේ මෙය පුළුල් කලාපීය යුද්ධයක් හෝ න්‍යෂ්ටික ගැටුමක් දක්වා ගමන්කිරීමක් සිදු නොවනු ඇති බවයි. දැනට අපි හිතන්නේ නැහැ ඒක වෙයි කියලා.” ජේ.ඩී වැන්ස් සම්මුඛ සාකච්ඡාව අතරතුර පවසා ඇත.

උප ජනපතිගේ මෙම ප්‍රකාශයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “America First” විදේශ ප්‍රතිපත්තියට ගැළපෙන අතර සෑමවිටම විදේශ ගැටුම්වලදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන එක්සත් ජනපද භූමිකාවෙන් පසුබැසීමක් එමගින් පෙන්නුම් කරයි.

ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුධමය වශයෙන් උත්සන්න වන තත්වයන් හමුවෙ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. පිරිහෙන භූ දේශපාලනික තත්ත්වය මධ්‍යයේ ජාතික ආරක්ෂාව සහ ක්‍රීඩක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම තීරණය කල බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 58 වන තරගය ඊයේ පැවැත්වූනේ පංජාබ් කිංග්ස් කන්ඩායම හා දිල්ලි කැපිටල්ස් කන්ඩායම් අතරයි.ප්ලේයි ඔෆ් වටයෙ තරගයක් ලෙස තරගය පන්දුවාර 10ක් පමනක් ක්‍රියාත්මක කරන විට කාර්මික දෝශයක් හේතුවෙන් ක්‍රීඩාංගනයෙ ආලෝක පද්දතිය බිද වැටුනු අතර පසුව තරගය අතහැර දමන්නටයි තරග තීරකවරුන් කටයුතු කරනලඩි .කෙසේ වෙතත් indian today වෙබ් අඩවිය පෙන්වා දෙන්නෙ පකිස්තාන බෝම්බ ප්‍රහාරබිය හේතුවෙන් මෙසේ වෙන්නට ඇති බවයි.

කාසිය වාසිය ජයගනිමින් ප්‍රතමයෙන් පන්දුවට පහර දෙමින් සිටි පංජාබ් ක්‍රීඩකයො පන්දුවාර 10ක් වන විට ලකුනු 122 ක දැවැන්ත ලකුනු පුවරුවක් නිර්මානය කලේ ආරම්භක පිතුකරුවන් දෙදෙනාම අර්ධ ශතක සිය කන්ඩායමට ලබාදෙමින්.

දරුවන් පිළිබඳ ගැටලු විසඳීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

කොටහේන ප්‍රදේශයේ සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධිය වැනි සිදුවීම් යලි වාර්තා වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද(09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

කොටහේන දැරියගේ සිද්ධිය පලමු අවස්ථාවෙිදීම වාර්තා වී නොමැති බවත් එම දැරිය ඉගෙන ගත් පාසලේ විදුහල්පතිවරිය මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් නොදීම ගැන නිදහසට කරුණු විමසා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. මෙවැනි සිද්ධි වාර්තා වූ විගස ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලීසිය දැනුවත් විය යුතු පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය ඊට අදාල යාන්ත්‍රණයක් ඇති කිරීමට ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් කළා.

එම යාන්ත්‍රණය සකස් කර අවසන් වූ වහාම පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ. කොටහේන ප්‍රදේශයේ අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

පකිස්තාන ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩලීමට හැකිවූ බව ඉන්දීය හමුදාව පවසයි

ඊයේ රාත්‍රී 11.20 ට පමණ පකිස්තානය විසින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ඩ්‍රෝනයානා සහ යුද උපකරණ භාවිතා කරමින් එල්ල කරන ලද ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වූ බව ඉන්දීය හමුදාව පවසයි. ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ පාකිස්තාන හමුදා දේශසීමා උල්ලංඝනයන් සිදු කළ බව ඉන්දීය හමුදාව පවසා සිටී.

පන්ජාබයේ මොහාලි දිස්ත්‍රික් පරිපාලනය විසින් චන්දිගාර් මායිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස උපදෙස් ලබා දීමට චන්දිගාර් පරිපාලනය කටයුතු කර තිබේ. පකිස්ථානය විසින් රාත්‍රියේ එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බරමුල්ලෙහි ලගමා ගම්මානයේ වෙළඳසැල් සහ නිවාස කිහිපයකට ද හානි සිදු වී ඇත.

VIDEO

පන්ජාබ් රජය විසින් පන්ජාබ් ප්‍රාන්තයේ සියලුම අධ්‍යාපන ආයතන දින තුනක් වසා දමා ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පැවසේ.  බ්‍රහස්පතින්දා රාත්‍රියේ පන්ජාබ් දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය විසන්ධි වීමක් ද දක්නට ලැබුණි. පතන්කොට්, අම්රිත්සර්, ජලන්දර්, රූප්නගර්, ෆාසිල්කා, ලුධියානා, හෝෂියාර්පූර් සහ සහිබ්සාඩා අජිත් සිං නගර් ඇතුළු පන්ජාබ් දිස්ත්‍රික්ක කිහිපයක සහ චන්දිගාර් යුනියන් ප්‍රදේශයේ මෙසේ විදුලි විසන්ධි වීමක් සිදුවී ඇත.  

දිල්ලි ගුවන්තොටුපළ විසින් නිකුත් කරන ලද මගී උපදේශනයක සඳහන් වූයේ ගුවන් ගමන් මෙහෙයුම් සාමාන්‍ය බවයි. ආරක්ෂක පියවර හේතුවෙන් ගුවන් ගමන් කාලසටහන්වලට බලපෑම් ඇති විය හැකි බැවින් නිල මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙසද ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටී.